ගෑස් මිල අඩු කරන්න යන නිසා දැන්ම ගෑස් හිගයක්

හෙට 29 න් පසු ගෑස් මිල අඩුකිරීමේ තීරණයක් ලැබෙනු ඇතැයි ජනතාව බලාපොරොත්තුවෙන් සිටින නිසා ගෑස් සිලින්ඩර නිවසට ගෙන්වීමේ පමා කිරීමේ ප‍්‍රවණතාවයක් නාගරික නිවෙස් වල හටගෙන තිබෙන බවත් මේ හේතුවෙන් වෙළෙඳ සැල්වල ගෑස් අඩු ඉල්ලූමක් පවතින බවත් වාර්තාවෙනවා.

මේ හේතු කරගෙන පැරණි මිලට ගෑස් ලබාගෙන අඩු කළ නවමිලට පසුව විකුණන්නට වේ යයි බියෙන් ගෑස් බෙදාහරින්නන්ගෙන් පිරවූ සිලින්ඩර ලබාගැනීම අඩු කිරීමට සිල්ලර වෙළෙන්දන් කටයුතු කරන බවත් මේ හේතුවෙන් මේ දිනවල ගෑස් හි`ගයක් මතුවී ඇති බවත් වාර්තා වනවා.
මේ හේතුවෙන් මිල අඩු කළ පසු මෙම හි`ගය එක්වරම යථාතත්වයට පත් නොවනු ඇතැයිද මිල අඩු කර ටික දිනකින් නව මිලට ගෑස් සොයා ගනු හැකි වෙතැයිද වෙළෙඳ පොළ  අභ්‍යන්තර ආරංචි වාර්තා කරනවා.

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්