සුපිරි වාසි බද්දට සමාගම් බියවෙලා කොටස් වෙලඳ පොලත් ඊයේ වැටිලා

අතුරු අයවැය මගින් හඳුන්වාදුන් සුපිරි බද්දට 2013-14 මුදල් වසරේදී රුපියල් බිලියන 02 කට වැඩි ලාභ ලැබූ සමාගම් මත සියයට 25 ක බද්දක් අය කිරීමට යෝජනා කර ඇත.

මෙම බද්ද නිසා කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත කර තිබෙන සමාගම් 20 කට වැඩි ප‍්‍රමාණයකට ප‍්‍රබල බලපෑමක් සිදුව ඇති බව වාර්තාවනවා.
මෙම බදු බිය නිසා කොළඹ කොටස් වෙළඳ පොළ ඊයේ දිනයේදී සියයට 2.7 කින් පමණ පහළ වැටුණ බවද වාර්තා වුණා.
මෙය එක් වරක් පමණක් අයකරන අනාගතයේදී ක‍්‍රියාත්මක නොවන බද්දක් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටි නමුත් ව්‍යාපාරිකයින් මේ නිසා බියට පත්ව ඇත.
මෙම බදු බලපෑමට ලක්වනු ඇතැයි සැලකෙන සමාගම් වන්නේ


ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්,
ඩිස්ටිලරීස්,
සිලෝන් ටුබැකෝ,
කාර්සන්ස්, බුකිට් ඩාරා,
එයිට්කන් ස්පෙන්ස්,
නෙස්ලේ,
 ඕවර්සී රියල්ටි,
ඇක්සස් ඉංජිනියරිං,
ලංකා ඉන්දීය තෙල් සමාගම,
ලංකා ලූබ්රිකන්ට්,
ටෝකියෝ සිමෙන්ති
කොමර්ෂල්,
හැටන් නැෂනල්,
සම්පත්,
ඞී.එෆ්.සී.සී,
සෙලාන්,
එන්ඞීබී
සෙලින්කෝ රක්ෂණ සමාගම,
සෙන්ට‍්‍රල් ෆයිනෑන්ස්,
පීපල්ස් ලීසිං

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්