බැසිල් දුන් ජීප් එක හොයන්න ජැක්සන්ගේ ගෙදරට පොලිසිය පැනලා
ප‍්‍රකට කලාකරු ජැක්සන් ඇන්තනි මහතා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට අයත් වාහනයක් සිය නිවසේ සඟවාගෙන ඇති බවට පොලිස් 119 හදිසි ඇමතුම් අංකයට ලැබුණු ඔත්තුවක් නිසා කඩවත පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පසුගිය 25 වනදා රාත‍්‍රියේදී
ඔහුගේ කඩවත පහළ කරගහමුණ ප‍්‍රදේශයේ වනිගසූරියවත්තේ පිහිටි නිවස පරික්ෂාවට ලක්කළා.
එම සෝදිසියේදී නිවසේ ගරාජයක ආවරණය කර තිබූ අංක තහඩු රහිත නවීනතම මයික්‍රෝ වර්ගයේ ජීප් රථයක් සොයා ගැනීමට හැකිවී තිබුණා.
මේ සම්බන්ධව තොරතුරු විමසමින්
නිවැසියන් ගෙන් පොලිසිය කට උත්තර ගත් අතර ජැක්සන් බිරිය කුමාරි පවසා තිබුනේ ජැක්සන් ඇන්තනි මහතාගේ
රූපවාහිනි නිෂ්පාදන කටයුත්තක් වෙනුවෙන් මයික්‍රො මෝටර් රථ සමාගම එම වාහනය ඔහුට පිරිනමා තිබුණ එකක් බවයි.
සෝදිසි කරන අවස්ථාවේ එම ජීප් රථයට අදාළව කිසිම ලියැවිල්ලක් ඔවුන් සතුව තිබී නැත.
කෙසේ වෙතත් පසුව මේ සම්බන්ධව පොලිසියට කරුණු සැපයූ ජැක්සන් ඇන්තනී මහතා අදාළ මයික්‍රෝ මෝටර් රථ සමාගම දුරකථනයෙන් පොලිසියට සම්බන්ධ කර එම වාහනය ඔවුන් ජැක්සන්ට පිරිනැමූ එකක් බව ප‍්‍රකාශයක් ලබාදී ඇත.
ජැක්සන් ඇන්තනි මහතා විසින් මෙහෙයවූ ‘මහා සංචාරය‘ නැමැති රූපවාහිනි වැඩසටහනේ ප‍්‍රචාරක කටයුතු වෙනුවෙන් මයික්‍රෝ සමාගම විසින් එම ජීප් රථය හා තවත් ජීප් රථයක් පරිත්‍යාගයක් ලෙස ලබා දී ඇති බව විමර්ශනවලදී හෙළි වූ බවත් ඒ සඳහා
මයික්‍රෝ සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ප‍්‍රකාශයක් ලබාදී ඇති බවත් පොලීසිය වාර්තා කළා.
මින් ඉහත ජැක්සන් ඇන්තනි මහතා මාධ්‍ය වෙත අදහස් පළකරමින් කියා සිටියේ තමන්ගේ පවුලේ අයට වාහන නැති බවත් ඔවුන් එදා වේල පිරිමැසීම වෙනුවෙන් කලාත්මක වැඩකරන අහිංසක කලාකරුවන් බවත්ය.