ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් අද ලංකාවට

යුද්ධයෙන් පසුව මෙරට සංහිඳියා ක‍්‍රියාවලිය ලැබූ ප‍්‍රගතිය සොයා බැලීම සඳහා ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මහත්මිය තෙදින නිල සංචාරයක් සඳහා අද (31* මෙරටට පැමිණීමට නියමිතය.

නිශා බිස්වාල් මහත්මිය සිය සංචාරය
අතරතුර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු මෙරට ඉහළ පෙළේ රාජ්‍ය නායකයින් කිහිප දෙනකු හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.
මෙම සංචාරය අතරතුර බිස්වාල් මහත්මිය හෙට (01* උතුරු ප‍්‍රදේශයේ ප‍්‍රගතිය සොයා බැලීමට යාපනයේ විශේෂ සංචාරයක නිරත වීමටද සැලසුම් කර තිබේ. එහිදී ඇය උතුරු පළාතේ ප‍්‍රධාන අමාත්‍යවරයා ඇතුළු මන්ත‍්‍රීවරුන් හමුවේ.
මේ අතර නිශා බිස්වාල් මහත්මිය මෙරට සංචාරය නිමවා බි‍්‍රතාන්‍යයේ හා ජිනීවා නුවර සංචාරයක් සඳහා එක්වන අතර එහිදී මෙරට සංචාරයෙන් රැස් කරගත් තොරතුරු ජගත් මානව හිමිකම් කවුන්සිලය වෙතට වාර්තා කිරීමට බොහෝ විට ඉඩ ඇති බව තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්