රජයේ පාසල්වල සල්ලි එකතු කිරීම පාලනය කරන නීති රීති එලිදකී

රජයේ පාසල්හි අවිධිමත් ලෙස මුදල් එකතු කිරීම සම්පූර්ණයෙන් අත්හිටුවීම සඳහා වන නව චක‍්‍රලේඛය (චක‍්‍රලේඛ අංක-2015/05* නිකුත් කොට ඇත.ඒ අනුව පාසල් සංවර්ධන සමිති, ආදි ශිෂ්‍ය සංගම්, පන්ති කව හා සුභසාධන සංගම් ආදී විවිධ සමිති සමාගම්වලින් විවිධ කරුණු කියමින් මුදල් අයකිරීම මෙම චක‍්‍රලේඛය මගින් සම්පූර්ණයෙන් තහනම් කර ඇත.

විදුහල්පතිවරයකුට නිසි පරිදි නිල කුවිතාන්සියක් නිකුත් කර අනුමත පහසුකම් හා සේවා ගාස්තු අය කර ගත හැකි අතර විදුලිබිල, දුරකතන බිල, ආරක්ෂක කටයුතු වැනි අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීම සඳහා මුදල් අය කළ යුත්තේ පාසලේ අත්‍යවශ්‍ය වියදම් ඇස්තමේන්තුවේ මදි පාඩුව
සිසුන් ගණනින් බෙදා එය අධ්‍යාපන ලේකම්ගෙන් අනුමත කර ගත් පසුවය.

එමෙන් ම නීත්‍යනුකූල ගාස්තුව ගෙවීමට වුවද දෙමාපියන්ට හා සිසුන්ට අනිවාර්ය කිරීමක් හෝ බල කිරීමක් කළ නොහැකි අතර එම ගාස්තු ගෙවීමට අපහසු බව ග‍්‍රාම නිලධාරී සහතිකය මගින් දෙමාපියන් දැන්වුවහොත් එම මුදලෙන් නිදහස් කළ බව දෙමාපියන්ට ලිඛිතව දැන්විය යුතු බව ද නව චක‍්‍රලේඛයේ සඳහන් වේ.

2015 වර්ෂය සඳහා කිසියම් කාර්යයකට මුදල් අය කිරීමට මීර පෙර අනුමැතිය ලබා ගෙන ඇත්නම් ඒ සඳහා නැවත අනුමැතිය ගත යුතු බව ද අධ්‍යාපන ලේකම් දන්වා ඇත.

මෙම චක‍්‍රලේඛය අනුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පසුගිය අවස්ථා කිහිපයකදී විදුහල්පතිවරුන් හා ගුරුවරුන් වෙනුවෙන් පවත්වන ලද රැස්වීම්වලදී දැඩිව අවධාරණය කරන ලදි.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්