අද මිල අඩු කරන භාණ්ඩ 10 තාම රහසක්

නව රජයේ අතුරු අයවැය අද(29* පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මුදල් අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක මහතා විසින් සිදුකරන ප‍්‍රකාශයක් ලෙස අතුරු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

අතුරු අයවැය මගින් ජන ජීවිතය නගා සිටුවීම සඳහා සහන රැසක් ලබාදීමට නියමිත බව ද වාර්තා වෙයි.

විශේෂයෙන්ම අත්‍යාවශ්‍ය භාණ්ඩ 10 ක මිල මෙම අයවැය යටතේ අඩුකිරීමට නියමිත බව රජය පසුගිය දා ප‍්‍රකාශ කර ඇති අතර අවසන් මොහොත දක්වා එම 10 රහසක් ලෙස තබා ඇත.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ දින 100 වැඩපිළිවෙළ යටතේ යෝජනාකර ඇති සහන ද මෙම අතුරු අයවැය යටතේ ලබාදෙනු ඇත.

මීට අමතරව රේගු බදු ලිහිල් කිරීම, සමෘද්ධි දීමනාව වැඩි කිරීම, රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීම, විශ‍්‍රාමිකයින්ගේ වැටුප් විශමතා ඉවත් කෙරෙන තෙක් ඔවුන්ට මාසික දීමනාවක් ලබාදීම වැනි යෝජනා ද මෙම අතුරු අයවැයේ ඇතුළත් වෙයි.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට