ශිරාණි බණ්ඩාරනායක නැවත අගවිනිසුරු ලෙස කාර්යාලයේ වැඩට ඇවිත් (වීඩියෝ)
ශ‍්‍රී ලංකාවේ 43 වැනි අගවිනිසුරුවරිය ලෙස දිවුරුම්දී සිටින ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අද දහවල් මීට ටික වේලාවකට පෙර අලූත්කඬේ උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ අගවිනිසුරු නිල කුටිය වෙත ගමන් කළාය. පසුව ඇය ශේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී කාර්යාලයට ගියාය.
ඇයගේ පත්වීම තිබියදී නීති විරෝධී ලෙස හිටපු ජනපතිගේ බලපෑම මත මොහාන් පීරිස් අගවිනිසුරු ලෙස කටයුතු කළ හෙයින් එම පදවියේ වැඩ නැවත භාර ගන්නට ඇයට නැවත දිවුරුම් දීමක් අවශ්‍ය නොවූ බව
කියැවුණා.
නීතීඥ සංගමයේ සභාපතී නීතීඥ උපුල් ජයසූරිය මහතා අතට අත දී ඇය පිළිගෙන තිබුණ අතර පිරිස විසින් පිරිනැමූ මල් කළඹක්ද ඇය අත තිබුණා.
ශිරාණි බණ්ඩාරනායක 43 වැනි අගවිනිසුරුවරිය නැවත ශේෂ්ඨාධිකරණයට පැමිණියේ වසර දෙකකට පසුය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ එම් ඒ සුමන්තිරන් , ජ්‍යෙෂ්ඨ නීතීඥ ජේසී වැලිඅමුණ මහත්වරු ඇතුළු නීතීඥවරු රැසක් ඇය පිළිගැනීමට පැමිණ සිටියා.
මෙම සිද්ධියෙන් පසු ඉල්ලා අස්වුණත් නැතත් මොහාන් පීරිස් අගවිනිසුරු ලෙස නැවත සේවයට නොඑනු ඇතැයි පැවසේ.
අද අගවිනිසුරුවරිය ලෙස නැවත වැඩට ආවත් හෙට ශිරාණි බන්ඩාරනායක මහත්මිය එම තනතුරින් අස්වනු ඇති බවත් ඉන් පසු කේ ශ‍්‍රී පවන් අගවිනිසුරු ලෙස දිවුරුම් දෙනු ඇති බවත් නීති ක්ෂේත‍්‍ර ආරංචි හෙළි කළා.
ඇය පැමිණි ආකාරය දැක්වෙන බීබීසී වීඩියෝව පහතින්