රවි කරුණානායක රොබින් හුඞ් කරවූ සුපිරි බදු තුන
මෙවර අතුරු අයවැය මගින් බඩු මිල අඩු කර එය වෙනුවට මන්දිර බද්ද, විගමන බද්ද සහ සුපිරිවාසි බද්ද යනුවෙන් විශේෂ බදු වර්ග තුනක් පනවා විශාල ආදායමක් ලබන්නට බලාපොරොත්තුවීම අයවැය සම්බන්ධ විචාරකයින් හඳුන්වන්නේ පෝසතාගේ
මුදල් ගසාකා දුප්පතාට බෙදාදුන් රොබින් හුඞ් තියරියේ ක‍්‍රමයක් ලෙසයි.
රුපියල් කෝටි දහයක් හෝ ඊට වැඩි තක්සේරුවකට අනුව ඉදිකරන ලද නිවාස අධි සුබෝපභෝගී තට්ටු නිවාස හෝ වර්ග අඩි 5000ට වැඩි නිවාසවලින් රුපියල් මිලියනයක නව බද්දක් 2015 වසරේ සිට අය කිරීම මන්දිර බද්ද ලෙස නම් කර තිබේ.
ශ‍්‍රී ලංකාව තුළ දී උපයනු ලබන ධනය විදේශ විනිමය බවට පරිවර්තනය කර විදේශ රටවලට රැගෙන යාමේදී ඔවුන්ගෙන් රැගෙන යන මුදලින් 20 ක බද්දක් අය කිරීම විගමන බද්ද ලෙස හඳුන්වා තිබේ.
ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වන සමාගම් හා ව්‍යාපාර 2013, 2014 බදු වර්ෂය තුළ මිලියන 2000 කට අධික ලාභයක් උපයා ඇත්නම් එම ලාභයෙන් 25 ක් බදු ලෙස ලබා ගැනීම සුපිරි වාසි බද්ද ලෙස හැඳින්වේ.
2015 වසරේ මෙමගින් රුපියල් මිලියන 50,000 ක ආදායමක් අපේක්ෂා කෙරේ.
ලාංකික සම්භවයක් ඇති ද්විත්ව පුරවැසිභාවය ලබා ගන්නේ නම් රුපියල් ලක්ෂ 05 ක බද්ධක් අය කිරීමටද යෝජනා වී තිබේ.