මින් පසු අරලියගහ මැදුරේ පෝයට බණ නෑ

සෑම මසකම අරලියගහ මන්දිරය කේන්ද්‍ර කරගනිමින් පවත්වනු ලැබූ ධර්ම දේශනා මාලාව එළැඹෙන නවම් පොහෝ දින සිට දිවයිනේ ප‍්‍රසිද්ධ සිද්ධස්ථාන මුල්කරගෙන පැවැත්වීමට තීරණය කොට ඇතැයි බුද්ධ ශාසන අමාත්‍යංශය පවසයි.

එහි පළමු ධර්ම දේශනාව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පෙබරවාරි 03 වැනි දා ට යෙදෙන නවම් පුන් පොහෝ දින ඓතිහාසික සෝමාවතී පුදබිමේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇති බවත් ධර්ම දේශනාව පෙරවරු 9.00 සිට 10.00දක්වා පැවැත්වෙන බවත් එම අමාත්‍යාංශය පැවසීය.

ධර්ම දේශනා මාලාවේ මූලික කටයුතු ජනාධිපති ලේකම් කාර්යාලය හා බුද්ධශාසන අමාත්‍යංශය මගින් සංවිධානය කරනු ලබයි.

මෙම වැඩසටහන පෙර පරිදිම ජාතික රූපවාහිනි නාලිකාව ඔස්සේ සජීවි ව විකාශය කිරීමට ද කටයුතු යොදා ඇත.

Popular posts from this blog

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

උසස් පෙළ 1-2-3 දිනූවන්ගේ නාම ලේඛනය පිටවේ - සිසුන්ට වඩා සිසුවියන් ඉදිරියෙන්

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්