බස් කොන්දොස්තරලා ඉතිරි රුපියල මාටියා ගහන බව ගැමුණු පිළිගනී

බස්රථවල රුපියල් 9 ක ගාස්තුවට රුපියල් 10 දුන්විට ඉතිරි නොලැබෙන බව ප‍්‍රසිද්ධ කතාවකි.
මේ ගැන තර්ක කරන්නට නොයා කරබා සිටින්නට අසරණ මගීන්ට හැමදාම සිදුවෙයි.

දැනට පවතින රුපියල් 9 අවම ගාස්තුව නව සංශෝධනය අනුව රුපියල් 8 බවට පත් කළ හැකි බවත් ඒ අනුව දහයක් දුන්විට
ඉතිරි රුපියල් 2 ක් තිබෙන නිසා පෙර මෙන් ‘කචල් එකක්’ නැති බවත් ඉතිරි රුපියල තියාගන්නේ නැතිව කොන්දොස්තර මහතුන් මාරු කාසි දෙනු ඇතැයි ලංකා පුද්ගලික බස්හිමි සංගමේ
සභාපති ගැමුණු විජේරත්න ඊයේ කියා සිටියා.
ඒ අනුව බස් රථවල ඉතිරි රුපියල නොදී නිතිපතා මගීන්ට සිදුවුන අසාධාරණය දැනදැනත් ඔහු කිසිවක් කර නැති අතර එම වරද ඔහු දැන් ප‍්‍රසිද්ධියේ පිළිගෙන තිබෙනවා.
ඔහු ඒ ගැන සිනාසෙමින් කියූ හැටි වීඩියෝව පහතින්