ශෂීගෙ නඩුවට දේශපාලනය ගාවගන්න එපැයි වීරවංශට අධිකරණ අවවාද

කූඨ ලේඛන ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත‍්‍රික ගමන් බලපත‍්‍ර සැකසීමේ වරදට දැනට රක්ෂිත බන්ධනාගාර භාරයේ සිටින ශෂී වීරවංශ සම්බන්ධ නඩුව අද කැඳවන ලද අවස්ථාවේ
කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය විවෘත අධිකරණයේදී වීරවංශ පාර්ශවයට අවවාද කරමින් දන්වා සිටියේ අනවශ්‍ය ලෙස ජනතාව රැස් කර අධිකරණයට දේශපාලනය ගාවා ගැනීමෙන් වළකින ලෙසයි.
ඊයේ (25) දිනයේ ශෂී වීරවංශ නඩුව කැඳවන අවස්ථාව දැක බලා ගැනීමට දේශපාලනඥයන්, දේශපාලන ආධාරකරුවන් රැස්වී සිටියා. නඩුව අවසානයේ අධිකරණය භූමිය අසලදී විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා මාධ්‍ය අමතන විට ආධාරකරුවන් ජයඝෝෂා නගමින් සිටිනු දක්නට ලැබුණා.
හෙට දිනයේත් ඇය අධිකරණයට ඉදිරිපත් කරනු ඇති.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්