වැඩිම සබඳතාවය 372 සමග ලෝක කුසලාන ඉතිහාසයේ පලමු 200 ක‍්‍රිස් ගේල්ගෙන්
ලෝක කුසලාන ඉතිහාසයේ පළමු ද්විත්ව ශතකය ක‍්‍රිස් ගේල් අද වාර්තා කළා.
සිම්බාබ්වේ සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර අද පැවැත්වෙන නවසීලන්තයේ කැන්බරාහි පැවැත්වෙන තරගයේදී ක‍්‍රිස් ගේල් ලකුණු 215ක් රැස් කිරීමට සමත්වුණා.
ඔහු එම ලකුණු සංඛ්‍යාව ලබා ගැනීමට 6 පහර 16ක් හා 4 පහර 10ක් එල්ල කර තිබුණි.
එසේම එක්දින තරඟවලදී ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් පිහිටුවන ලද හොඳම සබඳතාවයද මෙම තරඟයේදී පිහිටුවීමට ගේල් හා මාලන් සැමුවෙල් සමත්වූ අතර ඔවුන්ගේ එම සබඳතාවය ලකුණු 372 කි.
මීට පෙර ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් පැවැති හොඳම සබඳතාවය වූයේ ඉන්දීය පිතිකරුවන් වන රාහුල් ඩ‍්‍රාවිඞ් හා සව්රව් ගංගුලි ශ‍්‍රී ලංකාවට එරෙහිව 1999 පැවැති තරඟයකදී ලකුණු 318ක් ලබා ගනිමින් පිහිටුවා තිබූ වාර්තාවය.
කොදෙව්වන් මෙම තරඟයේදී පන්දුවාර 50 තුළ කඩුලූ 2ට ලකුණු 372ක් ලබාගත් අතර එය මෙම තරඟාවලියේ එක කණ්ඩායම මෙතෙක් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව බවටද පත්ව තිබේ.
වෙනත් තරග හා සැලකීමේදී එක්දින තරඟයකදී ලකුණු 264ක් ලබා ගනිමින් පළමු තැන ඉන්දියාවේ රෝහිත් ශර්මාටත්, විරේන්ද්‍ර ෂෙවාග්ටත් හිමිව ඇති අතර තෙවැනි තැන අද ලකුණු 215ක් ලබාගත් ගේල්ට හිමිවිය.
ගේල්ගේ 215 ඉනිමේ වීඩියෝව පහතින්