පාසල් වල අතරමැදි පන්තිවලට සිසුන් ගැනීම තහනම් කරයි

දැනට පවතින චක‍්‍රලේඛවලට පරිබාහිරව අතරමැදි පන්ති සඳහා කිසිදු ආකාරයකින් පාසල්වලට සිසුන් ඇතුළත් කිරීම තහනම් කෙරෙන චක‍්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශය
විසින් නිකුත් කර ඇත.යළි දැනුම් දෙනතුරු මෙම චක‍්‍රලේඛය බලාත්මක බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව පළමු ශේණියට සිසුන්
ඇතුළත් කිරීමට අදාළ චක‍්‍රලේඛයට අනුව එම ශේණියටත් පහ ශේණිය ශිෂ්‍යත්ව විභාගය මත හය ශේණියටත් අපොස සා.පෙළ ප‍්‍රතිඵල මත දොළහ ශේණියටත් සිසුන් බඳවා ගැනීමට නීත්‍යනුකූල හිමිකම් ලැබේ.

ඊට අමතරව අතරමැදි පන්තියකට සිසුන් ඇතුළත් කිරීම මෙම නව චක‍්‍රලේඛය මගින් තහනම් කර තිබේ.

එමෙන්ම මින් පරිබාහිරව සිසුන් ඇතුළත් කිරීමට අදාළ විශේෂ අවශ්‍යතාවකදී ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට එම කාරණය ඉදිරිපත් කොට අමාත්‍යාංශ ලේකම්ගේ අනුමැතිය යටතේ සිසුන් බඳවාගත යුතු බවද එම චක‍්‍රලේඛයේ දැක්වේ.

මෙම චක‍්‍රලේඛය පසුගිය සිකුරාදා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත.
මංජුල ප‍්‍රදීප් වීරසූරිය

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට