දෙහිවලින් පැන්න කොමඩෝ මකරාව නියෝජ්‍ය ඇමැති සොයයි

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ රඳවා සිටි අතිශයින්ම දුර්ලභ සහ මාරාන්තික විෂ සහිත වූ කොමඩෝ මකරකු ඉන් පැන යාම සම්බන්ධව විධිමත් සොයා බැලීමක් සිදුකරන බව සංචාරක සහ ක‍්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසයි.
එමෙන්ම දෙහිවල සත්ත්වෝද්‍යානයේ ගැටලූකාරී තත්ත්වයන් රැසක් පිළිබඳ තමන්ට තොරතුරු දැන ගැනීමට ලැබි ඇතැයිද අමාත්‍යවරයා කියා සිටී.

පසුගිය 24 වැනි දින
කූඩුවේ රඳවා සිටියදී පැන ගිය මකරාව ප‍්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරකට දෙහිවල නැදිමාල ප‍්‍රදේශයේ ඇළක සිටියදී ඊට පසු දින පස්වරුවේ උද්‍යාන සේවකයින් විසින් අල්ලා ගෙන තිබුණි.
සත්ත්ව කූඩු නිසි පරිදි නඩත්තු නොකිරීම නිසා ගතවූ මාස කිහිපයක කාලය තුළ සතුන් රැසක් කූඩුවලින් පැන ගිය බව වාර්තා වේ. එමෙන්ම අබලන් වූ කූඩුවලට ඇතුළු වූ දඩාවතේ ගිය බල්ලන් විසින් වටිනා දුර්ලභ විශේෂ රැසක සතුන් කා දමා තිබූ අවස්ථා ගණනාවක්ම වාර්තා වී තිබේ.

පසුගිය 24 වැනි දින සත්ත්වෝද්‍යානයෙන් පැන ගිය කොමඩෝ මකරා මිනිසුනට පහර දුන්නේ නම් පහර කෑමට ලක්වන සෑම පුද්ගලයකුම මරණයට පත්වෙන අතර බලධාරීන්ගේ නොසැලකිල්ල පිළිබඳ විධිමත් සොයා බැලීමක් සිදුකරන බව අමාත්‍ය සේනානායක මහතා සඳහන් කරයි.
සපුමල් ජයසේන

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට