ඡන්දෙට කලින් අද හෙටම ශ‍්‍රීලනිප - එජාප ජාතික ආණ්ඩුවක් (ඇමතිකම් සංයුතිය 15-30) දින 100 දින 180 කට දීර්ඝ වෙයි?

ගෙවුණ සති අන්තයේ ජනපති මෛත‍්‍රිපාල සහ ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් සියයකට ආසන්න පිරිසක් සමග කටුනායක මූන් ලොජ් හෝටලයේ පැවති දෙදින වැඩමුළුවේදී රටේ ඉදිරි අනාගතය තීන්දු කරන වැදගත් තීරණ ගණනාවක් ගනු ලැබූ බව දේශපාලන ආරංචි වාර්තා කරනවා.

ඉදිරි මහමැතිවරණයට පසු ජාතික ආණ්ඩුවක් නොව ඊයේ තීරණ අනුව අද හෙටම ශ‍්‍රීලනිප-එජාප ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නට යන බව වාර්තා වනවා.
එහි එජාපයට ඇමතිකම් 30 ක් ශ‍්‍රීලනිපයට ඇමතිකම් 15 ලෙස සංයුතියක් ඇති කළයුතු බවත් නියෝජ්‍ය ඇමති ධූර 55 ක් ඇති කළ යුතු බවත් යෝජනාවී ඇත.
ඒ අනුව පසුගියදා පත්වීම් ලැබුණ ඇමතිවරු ඇතැම් අයට ඉවත්වන්නට
හෝ වෙනත් තනතුරු දක්වා මාරුවීම් ලැබීමට සිදුවුනු ඇත.
ජනපති මෛත‍්‍රිපාල ගෙනා ජාතික ආණ්ඩු යෝජනාවට පක්ෂව හිටපු ඇමතිවරුන් වන එස්බී,ඩිලාන්,නිමල් සිරිපාල, මහින්ද සමරසිංහ,පියසේනගමගේ, ලලිත්
දිසානායක,රෙජිනෝල්ඞ්,අතාවුද හා මහින්ද අමරවීර යන අය පක්ෂව අදහස් ඉදිරිපත් කර ඇති අතර බහුතරයේ කැමැත්ත පළවී ඇත.

පසුගිය සතියේ ශ‍්‍රීලනිප විධායක සභාව රැස්වී රනිල්ට  ඕනෑ හැටියට ව්‍යවස්ථා හදන්න  ඡන්ද තියන්න බෑ. අපි තමා බහුතරය ආණ්ඩුව තාම අපේ.. ආදී වශයෙන් පැනනැගුණු ප‍්‍රකාශ හා ශ‍්‍රීලනිප හිටපු ප‍්‍රබලයන් වරප‍්‍රසාද අහිමිවීයාම් ගැන දැක්වූ මැසිවිලි නිසා සතිඅන්තයේ පැවති මෙම රැස්වීමේදි ඒවාට පිළියම් ලෙස ජාතික ආණ්ඩු කතාව කරළියට පැමිණ තිබුණා.

මෙම සතිඅන්ත රැස්වීමේදී විධායක ජනපතිධූරය අහෝසි කර නව ව්‍යවස්ථාවක් සාර්ථකව පිහිටුවීම එක්වරම කරන්නට බැරි දෙයක් බවත් මැතිවරණ ක‍්‍රමයද කේවල ආසන ක‍්‍රමයට
එක්වරම වෙනස් කිරීම දුෂ්කර බවත් සාකච්ඡාවට ලක්ව ඇති නමුත් ඒ වෙනස්කම් දෙකම අත්‍යන්තයෙන්ම සිදු කළ යුතු බවට අවධාරණය කෙරී ඇත.

ඒ නිසා ඒවා සිදුකිරීමට පහසුවනු පිණිස දින 100 මාස 6 දක්වා (දින 180) දීර්ඝ කරන්නට යෝජනාවී ඇති අතර එයට ශ‍්‍රිලනිප බහුතරයේ සහායද ලැබී ඇත.

කෙසේ වෙතත් මෙම වෙනස්කම් සියල්ල තවම සාකච්ඡා මට්ටමේ පවතින අතර ඒ ගැන ජනපති මෛත‍්‍රිපාල එජාපය සමගද සාකච්ඡා කර අවසන් තීරණ ගැනීමට නියමිතය.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්