කැටගොඩ වෙනුවෙන් වාසු ආරක්ෂාව ඉල්ලයි

මන්ත‍්‍රීකමින් ඉල්ලා අස්වන ලෙසට බල කරමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධාන මන්ත‍්‍රී ජයන්ත කැටගොඩ මහතාගේ නිවස අසල පිරිසක් ගැවසෙමින් සිටින බවට වාසුදේව නානායක්කාර මහතා ඊයේ (20 දා)
පාර්ලිමේන්තුවේ පැවැති විවාදය අතර තුරදී හදිසියේ ප‍්‍රකාශයක් කරමින් කීවේය.
විවාදයක කතාවක් කරමින් සිටියදී පස්වරු 6.25 ට පමණ හදිසියේ ප‍්‍රකාශයක් කරමින් වාසුදේව නානායක්කාර මහතා කිව්වේ,
මේ දැන් මම ජයන්ත කැටගොඩ මන්ත‍්‍රීවරයා දුරකථනයෙන් දැනුම් දුන්නා. එක සමාන ඇඳුම් ඇදගෙන පිරිසක් ඔහුගේ නිවස අසල ගැවසෙමින් මන්ත‍්‍රීධුරයක් ඉල්ලා අස්වන බවට බලපෑම් කරන බව ඒ මහතාට ආරක්ෂාව අවශ්‍යයි.
නියෝජ්‍ය කතානායක වන්දිම වීරක්කොඩි මහතා කියා සිටියේ,
මේ බව දැනගත් වහා කථානායකතුමා සහ මම පොලිස්පතිතුමාට දැනුම් දුන්නා අවශ්‍ය ආරක්ෂාව කැටගොඩ මහතාට ලබා දෙන්න කියලා.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්