දූෂණ චෝදනා ඔප්පු වූ අයට නාම යෝජනා නෑ - ශ‍්‍රීලනිප ලේකම් අනුර
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම වෙනුවෙන් රජය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දී ඇති 19 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අදහස් දැක්වීම සඳහා පක්ෂයේ මධ්‍යම කාරක සභා සාමාජිකයන්ට සතියක කාලයක් ලබා දීමට ඊයේ (26) සවස පැවති මධ්‍යම කාරක සභාවේ දී තීරණය විය.
ඩාර්ලි පාරේ පක්ෂ මූලස්ථානයේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම මධ්‍යම කාරක සභාව පැවැත් වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වූ විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කළේ මන්ත‍්‍රීවරුන් පක්ෂ මාරු කිරීම, මනාප ඡන්ද ක‍්‍රමය වෙනස් කිරීම, ජනාධිපතිවරයා සතු විධායක බලය අහෝසි කිරීම යන කරුණු ගැන දීර්ඝව සාකච්ඡා කළ බවය.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණ, කාන්තා පෙරමුණ, පක්ෂ ශාඛා හා අනෙකුත් සංවිධාන ශක්තිමත් කර සංවිධානය කිරීමටත්, ඉදිරි මැතිවරණ ජයග‍්‍රහණය කිරීම සඳහා ක‍්‍රියාත්මක වැඩපිළිවෙළක් සැකසීමටත් සාකච්ඡා කෙරිණි.
ශ‍්‍රී ලනිප මහ ලේකම් අනුර ප‍්‍රියදර්ශන මහතා පැවසුවේ ඌව පළාත් සභාවේ මන්ත‍්‍රීවරුන් පස් දෙනකුට විරුද්ධව විනය ක‍්‍රියාමාර්ග
ගනිමින් නිදහසට කරුණු විමසූ බවත්, ඔවුන් නිදහසට කරුණු දක්වා ලිපි සම්බන්ධයෙන් ක‍්‍රියාමාර්ගය ගැනීමටත් බලාපොරොත්තු වන බවයි.
දූෂණ සම්බන්ධයෙන් වරදකරුවන් වන කිසිවකුටත් ඉදිරි මැතිවරණවලදී නාම යෝජනා ලබා නොදෙන අතර දූෂණ චෝදනා එල්ල කළ පමණින් කෙනකු වරදකරුවකු නොවන බවත් මහ ලේකම්වරයා කීය.
යම් අයකු අධිකරණයකින් වරදකරුවකු බවට ඔප්පු වූ විට ඒ සම්බන්ධයෙන් ක‍්‍රියාමාර්ග ගන්නා බවත් හෙතෙම පැවසීය.
ශ‍්‍රී ලනිප ජාතික සංවිධායක සුසිල් පේ‍්‍රමජයන්ත මහතා,
අද දින රැස් වූ අප පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී ජාතික ආණ්ඩුවක් පිහිටුවීම හෝ ජාතික ආණ්ඩුවක අමාත්‍ය ධුර ලබා ගැනීම සම්බන්ධව කිසිම සාකච්ඡාවක් ඇති වූයේ නැත.
එමෙන්ම පක්ෂයේ නව භාණ්ඩාගාරික එස්. බි. නාවින්න මහතා විසින් ඉදිරිපත් කරන ලද අයවැය වාර්තාව හා පක්ෂයේ මහ ලේකම්වරයා විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවන් සම්මත කරගත්තා. ඒ විතරක් නමෛයි පක්ෂයේ ජාතික සංවිධායක වශයෙන් පක්ෂයේ ඉදිරි ගමන් මාර්ගය සම්බන්ධයෙන් මමත් වාර්තාවක් ඉදිරිපත් කළා.
ඌව පළාත් සභාවේ හිටපු මහ ඇමැතිවරයාට එම තනතුරින් ඉවත් කිරීමට දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කළ පළාත් මන්ත‍්‍රීවරු පස් දෙනාට විරුද්ධව විනය ක‍්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කළා. එහිදී හිටපු ආණ්ඩුකාවරයා ක‍්‍රියා කළ ආකාරය වැරදියි.
ඌව පළාත් විපක්ෂ නායක ශෂීන්ද්‍ර රාජපක්ෂ. ජීවන් කුමාරතුංග, කුමාර වෙල්ගම හා අමාත්‍ය දුමින්ද දිසානායක මහත්වරුන්ද මෙහිදී අදහස් දැක්වූහ.
නාලක සංජීව දහනායක