අකිල ඇමැති සේ රඟපා අධ්‍යාපන අධ්‍යක්ෂට දුරකතන ඇමතුමක්

තමන් අධ්‍යාපන ඇමැතිවරයා යැයි සඳහන් කරමින් බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විමල් ගුණරත්න මහතා වෙත ව්‍යාජ දුරකථන ඇමතුමක් ලබා දුන් පුද්ගලයකු පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස අධ්‍යාපන ඇමැති අඛිල විරාජ් කාරියවසම් මහතා පොලීසියට දැනුම් දී තිබේ.
මෙකී ව්‍යාජ දුරකථන ඇමතුම අනුව ස්ථාන මාරුවක්ද සිදුකැර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. මෙම පුද්ගලයා යම් අධ්‍යාපන කටයුත්තක් ඉටු කර ගැනීම සඳහා බස්නාහිර පළාත්  අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත දුරකථන ඇමතුමක් ලබා දී ඇති අතර ඒ පිළිබඳ සැක සිතූ අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ඒ පිළිබඳ අධ්‍යාපන ඇමැතිවරයාගෙන් විමසීමෙන් පසු එකී ඇමතුම ව්‍යාජ එකක් බව අනාවරණය වී තිබේ.
මෙවැනි ඇමතුම් ලබා දෙන පුද්ගලයන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක‍්‍රියාත්මක කරන බවත්, තමා යම් ලෙසකින් විද්‍යාලයකට ඇමතුමක් ලබා දෙන්නේ නම් ඒ බව නිසි ලෙස තහවුරු කර ගැනීමෙන් පසු අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කරයි.

සිතාරා සේනානි

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්