ආදි සිසුන් බව කියමින් මහානාමෙට ඇතුළු වී හොරකමක්

ආදි ශිෂ්‍යයින් බව පවසා පිරිසක් විසින් කොළඹ මහානාම විදුහලට බලෙන් ඇතුළු වී වටිනා ඡායාරූපයක් සොරකම් කර ඇතැයි සිද්ධියට අදාළව පරීක්ෂණ පවත්වන කොල්ලූපිටිය පොලිසිය කොටුව මහෙස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ  කරුණු වාර්තා කරනු ලැබිය.

කොළඹ 03,කොල්ලූපිටිය ප‍්‍රදේශයේ පිහිටි මහානාම විදුහල්පතිවරයා විසින් කොල්ලූපිටිය පොලිසියට කළ පැමිණිල්ලකට අදාළව අධිකරණයට මෙලෙස කරුණු වාර්තා විය. ඉකුත් වසරේ  ඔක්තෝබර් මස 16 රාත‍්‍රී 12.00ට  පමණ ආදි ශිෂ්‍යයින් යැයි සඳහන් පිරිසක් අදාළ විදුහලට බලෙන් ඇතුළු වී විදුහලේ දේපළවලට
අලාභ හානි සිදුකර ඇති බවත් අනතුරුව ගුරු විවේකාගාරයේ තිබූ වටිනා ඡායාරූපයක් සොරකම් කොට පලාගොස් ඇති බවත් පැමිණිලිකරු පැමිණිල්ලේ සඳහන් කර තිබිණි. මෙම සිද්ධියට අදාළව අධිකරණයට  කරුණු වාර්තා කළ පොලිසිය ප‍්‍රකාශ  කරනු ලැබුවේ මෙම පාසලේ සිටි මුරකරු ඇතුළු කිහිප දෙනකුගෙන් ප‍්‍රකාශ සටහන් කර ඉදිරි පරීක්ෂණ මෙහෙයවන බවය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත‍්‍රාත්වරයා මෙම සිද්ධියට අදාළ විමර්ශන පවත්වා අධිකරණයට වාර්තා කරන ලෙසට පොලිසියට නියම කළේය.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්