ලෝකාන්තයෙන් වැටුණ චීනා අත්තක එල්ලී සිටියදී හමුවෙයි

අද උදෑසන ලෝකාන්තයෙන් වැටුණ බවට වාර්තාවූ චීන ජාතිකයා ගසක අත්තක එල්ලී සිටියදී බේරාගත් බව ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක, වින් කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න ප‍්‍රකාශ කළා.

ගුවන් හමුදා විශේෂ බලකායේ සෙබලූන් හෙලිකොප්ටරයක් උපයෝගයෙන්
අතුරුදන් චීන ජාතිකයා ගැන සොයා බැලූ නමුත් තොරතුරු වාර්තාවූයේ නැත.
අනතුරුව ගුවන් හමුදාවේ විශේෂ බලකායේ සෙබලූන් ඒ ගැන නැවත සොයා බැලූ අවස්ථාවේ එක්තරා ස්ථානයක ඔහු ගසක අත්තක රැදී සිරවී සිටිනු දැක ඇත.
ඒ අනුව ක‍්‍රියාත්මකවී ඔවුන් ඔහුව බේරාගෙන තිබුණා. ඇද වැටෙන අවස්ථාවේ එම ගසේ එල්ලී පහළට නොවැටී සිටි නිසා දිවිබේරාගැනීමට හැකියාව ලැබුණ බව ගුවන් හමුදාව ප‍්‍රකාශ කළා.
 චීන ජාතිකයා සහ ඔහුගේ බිරිඳත් මිතුරනුත් අද උදෑසන ලෝකාන්තය නැරඹීමට ගොස් ඇති අතර, එහිදී ඡායාරූපයක් ගැනීමට යන අවස්ථාවක එකවරම චීන ජාතිකයා ඉන් පහළට ඇද වැටී තිබෙනවා.
බේරාගත් චීන ජාතිකයා මේ වන විට දියතලාව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට