දුෂ්කර සටනකින් පසු මහේල තිසර ගොඩ දැමූ ශ‍්‍රිලංකාව ඇෆ්ගනිස්තානය පරදවයි


ලෝක කුසලාන තරගාවලිය යටතේ පළමු ජයග‍්‍රහණය අත්කරගනිමින් ඇෆ්ගනිස්තානය පරදා ජයග‍්‍රහණය කරන්නට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම අද සමත් වුණා. මුලින් පන්දුවට පහරදුන් ඇෆ්ගන් පිළ සියලූ දෙනා දැවී ලබාගත් ලකුණු 232 පසුකර 236 ක් ගන්නට ශ‍්‍රී ලංකා පිල සමත්වූයේ කඩුළු 6 ක් දැවී තරග නිමාවට පනදු 10 ක් ඉතිරිව තිබියදීය

නවසීලන්තයේ ඩනෙඩින්හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය
ශ‍්‍රී ලංකා පිල සතු වුණත් මුලින් පහරදීමේ වරම ඔවුන් ඇෆ්ගන් පිලට පිරිනැමුවා. ශ‍්‍රිලංකා කන්ඩායමේ පන්දු වලට ඇෆ්ගන් පිලේ පිතිකරුවන්ට සාර්ථක වන්නට ඉඩක් නොලද අතර වැඩිම ලකුනු 54 ගන්නට අෆ්ගර් ස්ටැනක්සි පමණක් සමත් වුණා. ලසිත් මාලිංග හා මැතිව්ස් කඩුළු 3 බැගින් ලබාගෙන දක්ෂතා දැක්වුවා.
කෙසේ නමුත් පිළිතුරු ඉනිම ආරම්භයේදී ඉතා දුර්වල ක‍්‍රීඩා විලාශයක් ශ‍්‍රී ලංකාව පෙන්නුම් කළ අතර පළමු පන්දුවෙන්ම තිරිමාන්න දැවී ගියේ කඩුල්ල මුවා කිරීමේ වරදටයි. දෙවන  ඕවරයේදී ඩිල්සාන්ද ලකුණු නොලබා දැවී ගියා. අනතුරුව පිටියට පිවිසි සංගක්කාරට සාර්ථක වන්නට නොලූබුණ අතර ඔහු 6 වන  ඕවරයේදී ලකුණු 7 කට දැවී ගියා. දිමුත් ලකුණු 23 කට 12 වන  ඕවරයේදී දැවී ගියා. ඇද වැටී තිබුණ ශ‍්‍රී ලංකා ඉනිම ගොඩ ගන්නා ලද්දේ මහේල ජයවර්ධන(100) හා මැතිව්ස්(44) පස්වන කඩුල්ල සඳහා ඇති කරගත් ලකුණු 126 ක සබඳතාවය නිසාය. මහේලගේ ලකුණු 100 ඉනිමට හතරේ පහර 8 ක් හා හයේ පහරක් ඇතුළත් වුණා.
තරගය අවසානය ජයග‍්‍රහණයක් කරන්නට තිසර පෙරේරාා පන්දු 26 කදී ලබාගත් ලකුණු 47ද බෙහෙවින් ඉවහල් වුණා. ඔහු ඒ ලකුණු ගන්නට හයේ පහරක් හා හතරේ පසර 6 ක් එල්ල කලා.
තරගයේ වීරයා මහේල ජයවර්ධනයි.
සම්පූර්ණ ලකුණු සටහන පහත පරිදිය.
 

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්