සුදු වෑන් ගැන මං එලිකරනවා - හිටපු පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක
පසුගිය කාලයේ දී ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වූ සුදු වෑන් සංස්කෘතිය සම්බන්ධ ඕනෑම පරීක්ෂණයකට සාක්ෂි ලබා දීමට තමා සූදානම් බව හිටපු පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ප‍්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි.
පසුගිය රජය සමයේ සිදු වූ බලපෑම් හේතුකොට ගෙන වසර එකහාමාරක කාලයක් විදේශ ගතව සිය ඊයේ(26) ජයකොඩි මහතා යළි දිවයිනට පැමිණියේය. ඉන් අනතුරුව කොළඹ ගාලූමුවදොර හෝටලයේ දී විශේෂ මාධ්‍ය හමුවක් ද පවත්වන ලදි.
සුදු වෑන් සංස්කෘතියට
සම්බන්ධ ඇතැම් පුද්ගලයින් හා හමුදා නිලධාරීන් පිළිබඳව පෞද්ගලිකව තමන් තොරතුරු දන්නා බව ඔහු මෙහිදී කියා සිටියේය.
තමන්ට දිවයිනෙන් පිටව යාමට සිදු වූ හේතු පිළිබඳවද ප‍්‍රිශාන්ත ජයකොඩි මහතා මාධ්‍ය හමුවේදී කරුණු පැහැදිලි කරනු ලැබීය.
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය හරහා ඉතා පුදුමාකාරයෙන් තමන්ට තර්ජන එල්ල වූ බවත් ඒ සියල්ල පොලිස් නිලධාරියෙක් ලෙස තමන් ඉවසාගෙන සිටිබවත් ඒ මහතා පැවසීය. අවසානයේ දී තම බිරිඳටත් දරුවන්ටත් දැඩි ලෙස මරණීය තර්ජන එල්ල වූ බව සඳහන් කළ ජයකොඩි මහතා, තමන් මැරෙන්නට සූදානම් වී සිටියත් සිය දරුවන්ට පියෙක් අවශ්‍ය වී සිටි බවත් එබැවින් තවත් කලක් ජීවත් වීමට අවශ්‍ය නිසාවෙන් මෙලෙස රට හැර ගිය බව කියා සිටියේය.