බංග්ලාදේශ් විපක්ෂ නායිකා ඛලීඩා ෂියාට වරෙන්තු

බංග්ලාදේශයේ විපක්ෂ නායිකා බෙගම් ඛලීඩා ෂියා අත්අඩංගුවට ගන්නා ලෙස එරට අධිකරණයක් විසින් වරෙන්තු නිකුත් කරනු ලැබ තිබේ. විදෙස් වාර්තාවල සඳහන් වන්නේ, මහා පරිමාණ මූල්‍ය වංචාවක්
සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා මත ඇය අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති බවය.
බංග්ලාදේශ ජාතික පක්ෂයේ නායිකාව වන බෙගම් ඛලීඩා ෂියා, එරට වත්මන් අග‍්‍රාමාත්‍ය ෂෙයික් හසීනාට එරෙහිව දේශපාලන ව්‍යාපාරයක නිරත වෙමින් සිටින අතර මේ වන විට විරෝධතා රැසක් මෙහෙයවා තිබේ.
වත්මන් පාලනය එරෙහිව බෙගම් ඛලීඩා ෂියාගේ උපදෙස් මත ඇයගේ ආධාරකාර පාර්ශව විසින් රාජ්‍ය සේවය අඩපණ කිරීමේ වැඩ වර්ජන රැසක් ද ක‍්‍රියාත්මක කෙරිණි.
එම විරෝධතා අතරතුර පුද්ගලයින් 100 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට