යාපනේ පිපිරුනේ වල දැමූ තිබූ පුපුරණ ද්‍රව්‍ය
යාපනය චාවාකච්චේරිය සංකස්ථාන දුම්රිය ස්ථානය ආසන්නයේ නිවසක් අසල සිදු වූ පිපිරීමකින් පසු පොලිසිය සිදු කළ මෙහෙයුමකදී සුරක්ෂිතව වළදමා තිබූ පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් 148 ක් සොයා ගෙන තිබේ.
කිසියම් කඩාකප්පල්කාරී ක‍්‍රියාවක් සඳහා ගෙනා මෙම පුුපුරණ ද්‍රව්‍ය තොගය වළ දමා තිබෙන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.
මෙම ඉඩමේ තිබූ නිවසක් ආසන්නයේ පෙරේදා (25 වැනිදා) රාත‍්‍රී කිසියම් පිපිරීමක් සිදු වූ අතර, මෙම පිපිරීම සිදු වූ ස්ථානය හා
ඒ අවට ප‍්‍රදේශය පොලිසිය විසින් ඊයේ (26 වැනිදා) දැඩි සෝදිසියට ලක් කර තිබේ. එහිදී නිවස ආසන්නයේ වළ දමා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකි විය.
මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය පොහොර බෑග්වල බහා ඉතාම සුරක්ෂිත ආකාරයට වළ දමා තිබූ බව පොලිසිය පවසයි. මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය වළ දමා තිබූ ඉඩම 2009 වර්ෂයේදී එහි හිමිකරු විසින් වෙනත් පුද්ගලයකුට විකුණා දමා තිබිණි.
ඉඩම මිලදී ගත් පුද්ගලයා මෙම පුපුරණ ද්‍රව්‍ය පිළිබඳව කිසිවක් නො දන්නා බව පරීක්ෂණවලින් හෙළි වී ඇත.
මෙහිදී ගොඩගනු ලැබූ පුපුරණ ද්‍රව්‍ය තොගය කොටි ත‍්‍රස්තවාදීන් විසින් යුද සමයේදී වළදැමූ ඒවා බවට සැක පහළ කරයි.
පොලිසිය සහ යුද හමුදාව මෙම ඉඩම හා ඒ අවට ප‍්‍රදේශය දැඩි පරීක්ෂාවට ලක් කරන බව උසස් නිලධාරියෙක් කියා සිටියේය.
හේමන්ත රන්දුණු