මහින්දගෙ ‘චෝගම්‘ මාධ්‍ය වියදම කෝටි 111 යි
ශ‍්‍රී ලංකාවේ 2013 වසරේජ්පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය නායක සමුළුවේ (චෝගම්) මාධ්‍ය කටයුතු සඳහා පමණක් මහා භාණ්ඩාගාරය රුපියල් කෝටි එකසිය එකොළහකට වැඩි මුදලක් (කෝටි 111.7 ක්) වැයකර ඇතැයි ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ගයන්ත කරුණාතිලක මහතා ඊයේ (20 දා) පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේය.
එම සමුළුව වෙනුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ ස්ථාපිත කළ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහා රුපියල් අසූ දෙකෝටි හැත්තෑ තුන් ලක්ෂයක්, විද්යුත් මාධ්‍ය ප‍්‍රචාරක කටයුතු සඳහා රුපියල් දහඅට කෝටි දස ලක්ෂයක්, ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා රුපියල් දාහතර කෝටි
හතළිස් ලක්ෂයක්, කාර්යාල උපකරණ සඳහා රුපියල් ලක්ෂ පනහක්, දෙස් විදෙස් මාධ්‍යවේදීන්ගේ රාත‍්‍රී භෝජන සංග‍්‍රහය සඳහා රුපියල් කෝටියක්, වෙනත් වියදම් සඳහා රුපියල් ලක්ෂ අනූවක් ආදී වශයෙන් ඉහත මුදල වැය කර ඇතැයි ගයන්ත කරුණාතිලක මහතා පැවැසුවේය. පැවැති රජය කළ මේ අපරාධකාරී වියදම් සම්බන්ධව පසුගිය 08 වැනිදා රටේ ජනතාව උත්තර දුන් බව කී ඇමැතිවරයා ඉහත ඇතැම් වියදම් සඳහා බිල්පත් ද පැහැදිලිව නොමැති බවද කීය.
ඇමැතිවරයකු වශයෙන් මින්මතු මෙවන් පිළිතුරු ලබාදීමට තමන්ට සිද්ධ නොවේවායි ප‍්‍රාර්ථනා කරන බව ජනමාධ්‍ය ඇමැතිවරයා ප‍්‍රකාශ කරද්දී නැගීසිටි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පොදු රාජ්‍ය මණ්ඩලයීය මාධ්‍ය කටයුතු සඳහා පමණක් රටේ ජනගහනයෙන් සෑම කෙනෙක්ම පුද්ගලිකව රුපියල් 550 ක් වියදම් කර ඇතැයි පැවැසුවේය. අනුර කුමාර දිසානායක මහතා ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා ඉහත ප‍්‍රකාශය කළේය.
කුෂාන් සුබසිංහ - අජිත් අලහකෝන්