තාජුදීන්ගේ හදිසි මරණය ගැන සීඅයිඞී පරීක්ෂණ ඇරඹේ

පසුගිය සමයේදී අන්දෝලනයට තුඩු දුන් රගර් ක‍්‍රීඩකයෙකු වූ වසීම් තාජුදීන්ගේ මරණය සම්බන්ධ පරික්ෂණ කටයුතු විමර්ශණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇති බව පොලිස් මාධ්‍ය
ප‍්‍රකාශක අජිත් රෝහණ මහතා ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවා.එම
ක‍්‍රිඩකයාගේ මරණය ස්වභාවික අනතුරකින් සිදුවූ මරණයක් නොවන බවට තහවුරු වී ඇති බව ඔහු කිව්වා.
2012 වසරේ මැයි මස 17 වන දින රගර් ක‍්‍රීඩකයෙකු වූ වසීම් තාජුදීන් මහතා ස්වකීය මෝටර් රථය සමගින් ගිනිගෙන ජීවිතක්ෂයට පත්ව තිබුණි.
එම අනතුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවේ අධිකරණ වෛද්‍යවරයා විසින් ලබාදුන් වාර්තාවේ සඳහන් තොරතුරුවලට අනුව  කාබන් මොනොක්සයිඞ් ක‍්‍රීඩකයාට බහුලව ශරීරගතව ඇති බවට අනාවරණය වී ඇති බවයි.
එසේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව බොහෝ කාලයක් යනතුරු ලබාදී නොතිබුණි. නමුත් ඉකුත් පෙබරවාරි මස 12 වන දින එකී වාර්තාව ලබාදී ඇතත් එහි සඳහන්ව ඇත්තේ පවතින තත්ත්වයන් අනුව නිගමනයක් ලබාදීමට නොහැකි බවයි.
අදාළ මරණය සැකසහිත බැවින් ඒ පිළිබඳ පරීක්ෂණ කටයුතු නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයෙන් ඉවත්කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ දිනයේ පොලිස්පතිවරයා විසින් බාරදී ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියා.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්