රාජ්‍ය සේවක අවම වැටුප රු. 30,040 දක්වා ඉහලට
රාජ්‍ය සේවකයින්ගේ අවම වැටුප රුපියල් තිස්දහස් හතළිහ දක්වා ඊයේ (25) සිට වැඩිවී ඇති බවත් උපරිම වැටුප රුපියල් හැත්තෑදෙදහස් අටසිය දහඅට දක්වා වැඩිවී ඇති බව ප‍්‍රතිපත්ති සම්පාදන ආර්ථික අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.
ඒ අනුව අවම වැටුප් ලබන්නන්ගේ 11730 වූ මූලික වැටුපට සියයට විස්සේ දීමනාව අනුව 2510ක්ද ජීවන වියදම් දීමනාව යටතේ 7800ක මුදලක්ද උපරිම වැටුප් ලබන්නන්ගේ මූලික වැටුප 47515 මුදලට සියයට විස්සේ දීමනාව ලෙස 9503 මුදලක්ද ජිවන වියදම් දීමනාව වශයෙන් 7800ක මුදලක්ද ලැබේ.
මේ අතර ඉකුත් වසරේ නොවැම්බර් මාසයේදී රුපියල් 3000ක දීමනාවක්ද නව රුපියල් 5000 සමග රුපියල් 8000 මුදලක් ජුනි මාසයේ තවත් රුපියල් 2000ක මුදලක්ද ලැබිම තුළින් මෑත කාලයේ වැඩිම වැටුප් වැඩිවීම මෙය බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.
මෙම වැටුප් වැඞීමත් සමග භාණ්ඩ හා සේවාවල මිල මට්ටම පහත හෙළීමට රජය ක‍්‍රියාකිරීම තුළින් මූර්ත ආදායමද වැඩිවීමක් සිදුවීම මගින් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ ගොස් ඇතැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.
නුවන් සේනාරත්න