විමල්ගේ බිරිය ශෂී වීරවංශ නිවස අතහැර පළා ගිහින් ‘හාමිනේ අල්ලන් නැතැ’යි විමල් කියා ඇත්තේ උපායකට

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ කූඨ ලේඛන සකසා රාජ්‍ය තාන්ත‍්‍රික ගමන් බලපත‍්‍ර සකස් කිරීමේ වරදකට සති කිහිපයක සිට පොලිසිය සොයන නමුත් ඇය සිටින කඩුවෙල නිවසින් පළාගොස් ඇති බවත් ඇය සිටී යයි සැක කළ
හැකි ස්ථාන සියල්ලෙන්ම අතුරුදන්ව සිටින බවත් පොලිසිය පවසනවා.
පසුගියදා නුගේගොඩ පැවති රැස්වීමකදී විමල් වීරවංශ මෙම පොලිස් පරීක්ෂණ උපහාසයට ලක්කරමින්
කියා තිබුනේ ‘අපේ හාමිනේව අද ගන්නව හෙට ගන්නව කියනව..මොකෙක්වත් එන්නෙත් නෑ කට උත්තරයක් ඉල්ලන්නෙත් නෑ..ඉල්ලනව නම් බලන් ඉන්නව දෙන්න...’ යනුවෙනි.
නමුත් මේ සම්බන්ධව පරීක්ෂණ කරන පොලිසිය පවසා ඇත්තේ විමල්ගේ මෙම ප‍්‍රකාශය එම පරීක්ෂණ නොමග යැවීමේ අටියෙන් සිදු කරන ලද්දක් බවයි.
විමල් තම බිරිය නිවසින් පිටත් කර ඇත්තේ දැනදැනම විය හැකි බවට පොලිසිය සැකකරනවා.


උපන් වර්ෂය ලෙස 1967 හා 1971 යොදා ගනිමින් හා ශීර්ජා වීරවංස සහ ශෙහාසා උදයන්ති යනුවෙන් නම් දෙකක් යොදමින් විමල්ගේ බිරිය මෙම කූඨ ලේඛන සකසා තිබුණ අතර ඒ සම්බන්ධව මාධ්‍ය වාර්තා මින් වසර ගණනාවක සිට පුවත්පත් වෙබ් අඩවි ඇතුළු විවිධ මාධ්‍ය වල පළවුවත් පැවති රජය බිඳ වැටෙන තුරු පොලිසිය කටයුතු කළේ ඒ ගැන නොදන්නා ගාණටය.
කූඨ ලේඛන ඇසුරෙන් සකස් කරගත් ගමන් බලපත‍්‍ර යොදාගෙන අවස්ථා රැසකදී ඇය විදෙස් ගතවී තිබෙන අතරම ඇතැම් වරප‍්‍රසාද ලබා ගැනීම සඳහා උපන්
වර්ෂයේ වාසිය ලබාගෙන තිබෙන බවද මාධ්‍ය ඔස්සේ වාර්තාවී තිබුණා.

විමල්ගේ නුගේගොඩ කථාවෙන් පසු ශෂී වීරවංශ අත්අඩංගුවට ගැනීමට පොලිසිය නැවත උනන්දුවී ඇති බව පෙනෙන්නට තිබෙන අතර ඇගේ අතුරුදන්වීම ගැන විමල්ගෙන් ප‍්‍රශ්න කරන්නටද ඉඩ ඇත. මේ සම්බන්ධව පොලිස් කණ්ඩායම් 6 ක් යොදවා පරීක්ෂණ සිදු කරන බවද පොලිසිය වාර්තා කර තිබෙනවා.

පසුගිය 18 වනදා නුගේගොඩ රැළියේදී හාමිනේ අල්ලන් නැත්තෙ ඇයිදැයි විමසමින් විමල් කළ කතාවේ වීඩියෝව පහතින්

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්