මෛත‍්‍රී චමිලා මඩ නඩුව - සුදර්මන්ට ලක්ෂ 5 ක ඇප

ජනපති අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේනට චමිලා නම් කාන්තාවක් සම්බන්ධ කර නිර්මාණාත්මක මඩ පුවතක් සකස් කළ ස්වාධීන රූපවාහිනි සේවයේ හිටපු සහකාර සාමාන්‍යධිකාරී සුදර්මන් රදලියගොඩ සති දෙකක් සිරගතව සිට අද අධිකරණයේදී ඇප මත නිදහස ලබා ගත්තා. ඔහු සහ
සැකකරුවන් සියලූ දෙනාට ලක්ෂ 5 බැගින් ඇප නියම වුණා.
මෙම නඩුව ප‍්‍රකාරව සාක්ෂි විමසීමේදී සුදර්මන් කියා සිටියේ තමා මෙම නාටකය පටිගත කළේ නැති බවත් කැසට් එක සභාපති දුන් පසු සභාපතිගේ රාජකාරියක් ලෙස ඉටු කරදෙන්නට සිදුවූ බවකි. ඒ නිසා එම නිර්මාණයට වගකිව යුත්තේ එවක ස්වාධීන රූපවාහිනී සභාපති අනුර සිරිවර්ධන බවද ඔහු කියා තිබුණා.
අද අධිකරණයේදී සුදර්මන් ඇතුළු තිදෙනෙකුට ඇප ලැබුණා.
හැම ඉරිදාවකම ළමා හා කාන්තා කාර්යාංශයේ පෙනී සිටින ලෙසද නියම කළ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ මහතා ඒ තිදෙනාගේම එතෙර ගමන්ද තහනම් කළේය.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට