මේ දවස්වල සුපර් මාර්කට් වල ටින් මාළු නෑලූ

උපරිම සිල්ලර මිලක් නියම කිරීමෙන් පසුව සුපිරි වෙළෙඳසල්වල ටින් මාළු අලෙවියෙන් ඉවත් කර තිබෙන බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය දෙසැම්බර් 20 වැනිදා ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිලක්
නියම කිරීමෙන් පසුව සුපිරි වෙළෙඳසල් තුළ මෙම ටින්මාළු ඉවත් කර තිබේ.
රුපියල් 225කට අලෙවි කරනු ලැබූ ග‍්‍රෑම් 425 ටින්මාළු රුපියල් 85කින් පහත දැමීම හේතුවෙන් මෙම සුපිරි වෙළෙඳසල් ටින් මාළු අලෙවියෙන් ඉවත් කර ඇති බව එම වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.
පසුගිය ජනවාරි 29දා ඉදිරිපත් කෙරුණු අතුරු අයවැය මගින් කිලෝවක ටින් මාළු රුපියල් 52කින් අඩු කළ අතර ග‍්‍රෑම් 425 ටින් මාළු සඳහා රුපියල් 140ක උපරිම සිල්ලර මිලක් නියම කරන ලදී.

තිළිණි මධුවන්ති

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට

මම විධායක ජනාධිපතිකම දින 100 කින් අහෝසි කරනවා - මෛත‍්‍රිපාල