අයිඩෙන්ටි කාඞ් ඔෆිස් එකේ ශෂී වීරවංශට අයිඞී දීපු ෆෝම් අතුරුදන් - ඇවිත් ඉන්නෙ මගෙ වයිෆ් ඒක හදල දෙන්න- විමල් කිව්වලූ - ශෂීගේ හදිසි ලෙඬේ සොයන්න ප‍්‍රසව හා නාරි විශේෂඥවරයෙකුත් ඇවිත්
හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශ විසින් කූඨ ලේඛන සැකසීම පිළිබඳව පරීක්ෂණවලදී ව්‍යාජ උප්පැන්න, ව්‍යාජ හැඳුනුම්පත්, ව්‍යාජ බැංතු ගිණුම්, අයථා ණය ලබාගැනීම් ඇතුළු වංචා ගණනාවක් පිළිබඳ දැන් තොරතුරු අනාවරණයවී තිබෙන අතර විමල් සිය
ඇමති බලතල භාවිතයෙන් උප්පැන්න වෙනස් කිරීමට රජයේ නිලධාරින්ට අණ ලබාදීමක් ගැනද තොරතුරු හෙළිවී ඇත. ඊට අමතරව නීතිමය කටයුතු ඇරඹීමත් සමග ඇය එකවරම ප‍්‍රසව හා නාරිවේදය ආශ‍්‍රීත ගැටලූවකට
ප‍්‍රතිකාර ලබාගන්නා බව පවසමින් රෝහල් ගතවීමද අධිකරණයේ සැකයට භාජනයවී ඇත.
ශෂි වීරවංශ සැකසුවේ යයි කියන ජාතික හැඳුනුම්පත් දෙක පිළිබඳව සොයා බැලීමේ දී ඒ වෙනුවෙන් සැකසුණු ලිපි ගොනු පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් දැන් අතුරුදන් වී ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.
මෙම ලිපිගොනු දෙක එක් හැඳුනුම් පතක් සඳහා 1967 ලෙස යොදා ඉදිරිපත් කොට ඇති අතර අනෙක් ලිපි ගොනුව උපන් වර්ෂය ලෙස 1971 යොදා ඉදිරිපත් කොට තිබි ඇත. කෙසේ වෙතත් මේ සම්බන්ධව සොයා බැලීම සඳහා පරීක්ෂණ කණ්ඩායම් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ගියත්, එම ලිපි ගොනු එකක්වත්
සොයා ගැනීමට නොහැකි වී ඇත. එම ලිපි ගොනු අතුරුදන් වූයේ කෙසේ ද යන්න පිළිබඳවත් ඔවුන් නොදන්නා බව සඳහන් කර ඇත.
කෙසේ වෙතත් මෙම ලිපිගොනු කිසියම් පුද්ගලයකු විසින් සොරා ගන්නට ඇතැයි සැක කෙරෙන අතර ඒ පිළිබඳ සොයා බැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයා ඇතුළු ඊට අදාළ සියලූ නිලධාරින්ගෙන් ඉදිරි දින කීපයේ දී මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීමට නියමිතව ඇත.
මීට අමතරව විමල් වීරවංශ සිය දරුවන් දෙදෙනාගේ උප්පැන්න සහතික සඳහා සිය උපන් වයස වසර 5 කින් අඩුකොට ව්‍යාජ දත්ත ඇතුළත්කර ඇතැයි රහස් පොලිසිය අධිකරණය වෙත දැනුම් දී තිබේ.
දරුවන්ගේ මවගේ උපන්දිනය ලෙස සඳහන් කර ඇති 1967 පෙබරවාරි මස 01 වැනිදා යන්නට 1971 පෙබරවාරි මස 03 වැනිදා වශයෙන් වෙනස් කර ඇති බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපන්දිනය ලෙස 1965 මාර්තු මස 07 වැනිදා යන්නට 1970 මාර්තු මස 07 වැනිදා ලෙස වෙනස් කරමින් වසර 5කින් වයස බාල කර ඇතැයි රහස් පොලිසිය දන්වා ඇත.
එම උප්පැන්න සහතික වල සංශෝධනවලට නියෝග ලබාදුන් සහකාර රෙජිස්ට‍්‍රාර් එම්. සුමතිපාල මහතා ඒ පිළිබඳව කළ විමසීමේදී සැකකාරිය අදාළ ලිපි රැගෙන තමන් හමුවීමට පැමිණි අවස්ථාවේදී දුරකථනය මගින් කථා කළ හිටපු ඇමති විමල් වීරවංශ මහතා
”පැමිණ ඇත්තේ තම බිරිඳ” බවට කියා ඇති බවත් පැවසූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිල්ලට අදාළව සැකකාරිය ඉගෙනුම ලැබූ ගම්පහ - මිරිස්වත්ත - කැප්පිටිපොළ මහා විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයාගෙන්, සැකාකාරිය පදිංචි ග‍්‍රාම නිලධාරී වසම්වල ග‍්‍රාම නිලධාරීවරුන්ගෙන්, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන්, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බලධාරීන්ගෙන්, උප්පැන්න හා විවාහ රෙජිස්ට‍්‍රාර්වරුන්ගෙන් ප‍්‍රකාශ ලබාගෙන සටහන් කරගත් බවද පැවසුවේය.
විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශ සැකකාරිය සකස් කරගෙන ඇති ජාතික හැඳුනුම්පත් දෙක උපයෝගීකොට ගෙන බැංකු හා මූල්‍ය ආයතන සමඟ සැකකටයුතු ලෙස ගනුදෙනු සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇති බවද ඊයේ රහස් පොලිසිය අධිකරණයට දැනුම් දෙන ලදි.
සැකකාරිය ගමන් බලපත‍්‍ර දෙකක් ලබා ගැනීමට සාදාගෙන තිබූ ජාතික හැඳුනුම්පත් දෙක මගින් බැංකු හා වෙනත් මූල්‍ය ආයතන සමඟ සැකකටයුතු ලෙස ගනුදෙනු සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඇය එම බැංකුවලින් හැඳුනුම්පත් දෙකම භාවිත කරමින් ගිණුම් ආරම්භකර ඇති බවට හෝ ණය පහසුකම් ලබාගෙන ඇති බවට හෝ විමර්ශන කරන බවත් දන්වා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකාරිය ලබාගෙන ඇති ප‍්‍රශ්නගත ගමන් බලපත‍්‍රය රාජ්‍ය තාන්ත‍්‍රික ගමන් බලපත‍්‍රයක් වන බැවින්
ඒ සඳහා එවකට ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා අත්සන් කරන ලද ලිපියක් ඉදිරිපත් කර ඇති බවත් වර්ෂ 2010 සැප්තැම්බර් 13 දින හිටපු ඇමැති විමල් වීරවංශ මහතා අත්සන් කරන ලද ලිපි ශීර්ෂයේ සඳහන් ඉල්ලීමක් පරිදි එවකට ආගමන විගමන පාලක ජනරාල්වරයාව සිටි චූලානන්ද පෙරේරා මහතා විසින් කර ඇති නියෝගයට අනුව සැකකාරිය ප‍්‍රශ්න ගත රාජ්‍ය තාන්ත‍්‍රික විදෙස් ගමන් බලපත‍්‍රය නිකුත්කර ඇති බවට එම දෙපාර්තමේන්තුවේ පරිගණක අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පාලක නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා ප‍්‍රකාශ ලබාදී ඇති බවත් පැවසුවේය.
වලංගු ගමන් බලපත‍්‍රයක් තිබූ අයෙක් තවත් කුමන හෝ ගමන් බලපත‍්‍රයක් ලබාගැනීමට ඉල්ලූම් කිරීමේදී පෙර ගමන් බලපත‍්‍රයක් ලබාගෙන ඇති බවට සඳහන් කළ යුතු නමුත් සැකකාරිය මෙම ප‍්‍රශ්නගත ගමන් බලපත‍්‍රය ලබාගැනීමේදී පෙර ගමන්
බලපත‍්‍රයක් තිබූ බවට සඳහන් නොකිරීම වරදක් බවද පෙන්වා දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකාරිය ප‍්‍රශ්න ගත රාජ්‍ය තාන්ත‍්‍රික ගමන් බලපත‍්‍රය ලබාගන්නා විට පෙර තිබූ ගමන් බලපත‍්‍රය භාරදුන් බවට හා එම ගමන් බලපත‍්‍රය විනාශ කළ බවට චූලානන්ද පෙරේරා මහතා දුරකථනය මගින් දන්වා සිටි බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පාලක වීරසිංහ මහතා ලබාදුන් ප‍්‍රකාශනයේ සඳහන් බව ද කියා සිටියේය.
පැමිණිල්ලට අදාළ සිදුකළ විමර්ශන අනුව නීතිපති උපදෙස් තුළත් ඇගෙන් ප‍්‍රකාශ ලබාගැනීමට උත්සාහ කළද ඇය පදිංචි ලිපිනයේ සොයාගැනීමට නොහැකි වූ බවද පැවසූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ ලබාගැනීමට කැඳවන බව දැනුවත්ව සිටියදී ඇය ප‍්‍රකාශ ලබා දීමට නොපැමිණ රෝහල්ගතවූ බවද කියා සිටියා.
ඇය රෝහල්ගතවීමට හේතුව වශයෙන් සඳහන් කර ඇත්තේ ප‍්‍රසව හා නාරිවේදය සම්බන්ධ රෝගී තත්වයක් වන නිසා ඇයව පරීක්ෂා කිරීමට ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු කායික වෛද්‍යවරයෙකු සහ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාව යොමු කරන්නට අධිකරණයෙන් නියෝග කරනු ලැබුවා.
එම වාර්තා ලැබීමෙන් පසු ඊයේ සවස ඇය ප‍්‍රතිකාර ලබන මාළඹේ නෙවිල් ප‍්‍රනාන්දු පෞද්ගලික රෝහලට ගිය මහේස්ත‍්‍රාත්වරයා එම ලේඛන පරීක්ෂා කර ඇයට රෝගී තත්වයක් ඇති බවට එහි සඳහන් කර තිබීම මත ඇය රෝහලේම සිටියදී රිමාන්ඞ් කරන්නට නියම කළ අතර බන්ධනාගාර නිලධාරීන් බාරයට පත්කර ඇය දැන් රෝහලේ සිටී.