මුස්ලිම් කොංග‍්‍රසය මෛත‍්‍රීට - මුස්ලිම් මන්ත‍්‍රීන් 184ක් විපක්ෂයට


ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයේ නායක හා අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතා සමග එක්වුණා. ඔහු සමග හිතවත් මන්ත‍්‍රීවරු කිහිපදෙනෙක්ද ඒ සමග සිටියා.
හකීම් අධිකරණ ඇමැති පදවියෙන්ද ඉල්ලා අස්වන බව දන්වා සිටියා.

ජනපතිවරණයේදී ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය පොදු අපෙක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලබා දීමට තීරණය කිරීමත් සමග එම පක්ෂයේ පළාත් සභා මන්ත‍්‍රීවරුන් 13ක්, පළාත් පාලන මන්ත‍්‍රීවරුන් 163ක් හා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 8 දෙනෙක් විපක්ෂයට එක්ව ඇත.
පළාත් පාලන මන්ත‍්‍රීවරුන් 163 දෙනා අතර පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් 13ක් සිටිති.
කෙසේ වෙතත් නැගෙනහිර පළාත් සභාවේ අය-වැය සම්මත කර ගැනීමට ආණ්ඩුවට සහාය දීමට මුස්ලිම් කොංග‍්‍රසය තීරණය කර ඇති බවද පැවසුණා.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්