ව්‍යාපාරික රවි වෙත්තසිංහ අත්අඩංගුවට

වරෙන්තු සහිතව සිටි ප‍්‍රකට ව්‍යාපාරික රවී වෙත්තසිංහ මහතා කටුනායක ගුවන් තොටුපළේ දී අද අත්අඩංගුවට පත්වුණා.
රවී වෙත්තසිංහ මහතා  තමන් කළමනාකාර අධ්‍යක්ෂවරයාව සිටි

වෙහෙරහැර සහ ලටෙක් යන බස් සමාගම්වල සේවකයින්ට අර්ථ සාධක සහ සේවක භාරකාර අරමුදල් නොගෙවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටිි අතර ඒ අනූව කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් සැකකරුට වරෙන්තුවක්  නිකුත්ව තිබුණා. ආගමන  විගමන නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසීය.

Popular posts from this blog

ශ‍්‍රී ලංකන් ගමන් මළු බර කිලෝග‍්‍රෑම් 15 කින් වැඩි කරයි

මුස්ලිම් කොංග‍්‍රසය මෛත‍්‍රීට - මුස්ලිම් මන්ත‍්‍රීන් 184ක් විපක්ෂයට

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට