ශ‍්‍රී ලංකන් ගමන් මළු බර කිලෝග‍්‍රෑම් 15 කින් වැඩි කරයි

 ශ‍්‍රීලංකන් ගුවන් සමාගම යුරෝපය වෙත ඍජුව ම මෙහෙයුම් සිදු කරන ප‍්‍රමුඛයා වශයෙන් එම කලාපය වෙත පියාසර කරන ගුවන් මගීන් සඳහා අමතර බඩු බාහිරාදිය රැගෙන යාමට සහ ඒමට විශේෂ දීමනාවක් හඳුන්වා දී තිබේ.
මේ යටතේ ගුවන් මගීන්ට ගාස්තු රහිත ව කිලෝ ග්‍රැම් 15ක අමතර බරක් රැගෙන යාමේ අවස්ථාව උදාවනු
ඇත. ඒ අනුව පිරිමැසුම් පන්තියේ මගීන් සඳහා රැගෙන යා හැකි සමස්ත බර ප‍්‍රමාණය කිලෝ  45 වන අතර ව්‍යාපාරික පන්තියේ මගීන් සඳහා රැගෙන යා හැකි බර ප‍්‍රමාණය කිලෝ 55 දක්වා වැඩිවනු ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් ශ‍්‍රීලංකන් ගුවන් සමාගමේ මාල
දිවයින් සහ ශ‍්‍රී ලංකා කලාපීය කළමනාකරු සමින්ද පෙරේරා මහතා සඳහන් කළේ ගුවන් මගීන්ගේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් විශේෂයෙන් පවුලේ හිතවතුන් දැක බලා ගැනීම සඳහා සහ උසස් අධ්‍යාපන කටයුතු සඳහා යුරෝපය වෙත සංචාරය කරන සිසුන්ට අවශ්‍ය බොහෝමයක් දෑ රැගෙන යාමට මෙම වැඩිපුර ගමන් මලූ වාසිය තුළින් අවස්ථාව උදා වන බවයි.
එසේම ජාතික ගුවන් සේවය වශයෙන් දේශීය පාරිභෝගිකයන් සඳහා ඔවුන්ගේ විශේෂ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් මෙම දීමනාව හඳුන්වා දුන් බවත්, මෙය ඔවුන්ට අගනා අවස්ථාවක් වනු ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්