නුගේගොඩ රැස්වීමට ගිය ශ‍්‍රීලනිප අයට මෛත‍්‍රී දෙහි කපයි

පසුගිය සති අන්තයේ කටුනායක හෝටලයකදී දින දෙකක් පුරා පැවැති ශ‍්‍රීලනිප සාකච්ඡා වටයේදී 18 වනදා නුගේගොඩ පැවති රැලියට පක්ෂයේ තීරණය නොතකා සහභාගී වූ පාක්ෂිකයන්ට කිසිදු විනය ක‍්‍රියාමාර්ගයක් නොගැනීමට ජනාධිපති හා ශ‍්‍රිලනිප සභාපති

මෛත‍්‍රිපාල සිරිසේන තීරණය කර ඇති නමුත් එම රැළියට

ගිය අයට දෝෂාරෝපණය කළේය.
මෙම රැස්වීම තම පක්ෂයේ හිටපු නායක මහින්ද රාජපක්ෂට ආදරයෙන් සිද්ධ කළ එකක් නොවන බවත් මහින්දගේ නම විකුණා වෙනත් පක්ෂවල පිරිසක් වාසි ගන්නට හැදූ ප‍්‍රයත්නයක් බවත් මෙයින් සිද්ධ වන්නේ පක්ෂය බෙදීමට උඩගෙඩි දීමක් බවත් ජනපතිවරයා අවධාරණය කර ඇත.
එයට සහභාගීවූ අය විනය නීතිරීති උල්ලංඝණය කර ඇති බවද ජනපති කියා ඇති අතරම කියා ඇත්තේ ඒ සම්බන්ධයෙන් කිසිවක් නොකරන බවයි.
තමා කියන කතා කසාය විය හැකි බවත් කසාය තිත්ත වුවත් එය ගුණදායක බවත් ඔහු කියා ඇත.
මං පක්ෂයට ලබාදෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉහළයි. ඒත් එයින් අයුතු ප‍්‍රයෝජන ගන්න එපා. මීට පෙර හිටපු අය පක්ෂයට දීපූ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන දන්නවනේ.. යයිද ඔහු කියා ඇත.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්