වෛද්‍ය සමිතා සමන්මලීට රුපියල් කෝටි 18 ක් වන්දි ලැබෙයි

බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා භූමියේ පිහිටි වෙළෙඳ ප‍්‍රදර්ශන කුටියක් හිස මතට කඩා වැටීමෙන් සදාකාලික ආබාධිත තත්ත්වයට පත්වූ වෛද්‍ය සමිතා සමන්මලී මෙනවියටබීඑම්අයිසීඑච් පාලනාධිකරයෙන් රුපියල් මිලියන 180 ක වන්දියක් ලබාදෙන ලෙස නියම කරමින්
අද ඇගේ නඩුව අවසන් වුණා.
2008 පෙබරවාරි 15 වැනිදා කොළඹ වෛද්‍ය විද්‍යාලය මගින් පැවැත්වූ වෛද්‍ය ප‍්‍රදර්ශනයක පෙර සැලසුම් කටයුතුවල නිරතව සිටියදී එම අනතුර සිදුවූ බැවින් එකී භූමිය භාර බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පාලනාධිකාරියෙන් රුපියල් මිලියන 500ක වන්දියක්
ලබාදෙන ලෙස ඉල්ලා වෛද්‍ය සමිතා සමන්මලී මෙනවිය නීතිඥ ජී.ජී. අරුල්ප‍්‍රගාසම් මහතා මගින් එම නඩුව පවරා තිබුණි. එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී මෙම තීරණය ලැබුණා.
මෙම අනතුර නිසා ඇය සදාකාලික ආබාධිත තත්වය පත්වූ අතර ඇය දැනටත් සිටින්නේ රෝද පුටුවේය.
