ස්ටාර් ට‍්‍රැක්හි මිස්ටර් ස්පාක් වයස 83දී මියයයි
මින් දශක තුනකට පමණ පෙර ලෝක ප‍්‍රසිද්ධවූ ‘ස්ටාර් ට‍්‍රැක්’ නමැති ප‍්‍රබන්ධ අභ්‍යවකාශ ටෙලි චිත‍්‍රපට මාලාවේ මිස්ටර් ස්පොක් ගේ චරිතයට පණපෙවූ ඇමරිකානු නළු ලෙනාර්ඞ් නිමෝයි මිය ගියේය.
මිය යන විට අසූ තුන් වන වියේ පසුවූ
ලෙනාර්ඞ් ස්ටාර් ට‍්‍රැක් හි ප‍්‍රසිද්ධියට පත් වූයේ පිටසක්වළ ජීවියෙකුගෙන් පැවත එන අර්ධ මනුෂ්‍ය චරිතයක් වන මිස්ටර් ස්පොක් නමිනි.
රංගන ශිල්පියෙකු වශයෙන් මෙන්ම සිනමා අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් ද සිය වෘත්තීය දිවිය ගෙන ගිය ලෙනාර්ඞ් නිමෝයි මිය ගොස් ඇත්තේ පෙනහළු ආබාධයක් හේතුවෙනි.
සිය රෝගී තත්වය මාධ්‍යට හෙළි කරමින් පසුගිය වසරේ ප‍්‍රකාශයක් කළ ලෙනාර්ඞ් නිමෝයි කියා සිටියේ දුම් පානය නවතා වසර විස්සක් ගත වීමෙන් පසු තමන් මෙයට ගොදුරු වූ බවයි.