බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට

බදුල්ල දිස්ත‍්‍රික්කයේ ගල්කන්ද, හෑගොඩ රිල්පොළ  සහ පහළගම ප‍්‍රදේශවල සිදුවූ නාය යාම්වලින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ගෙවල් 5ක තව පිරිසක් ආ ගිය අතක් නැතැයි සහන සේවකයෝ කියති.

ගල්කන්ද මරණ 2ක්ද , හෑගොඩ 2 ක් හා රිල්පොළ මරණ 3ක්ද වාර්තාවේ.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවේ, අද අලූයම ගල්කන්ද ප‍්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් එහි සිටි කාන්තාවක් සහ තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවය.
අද අලූයම හෑගොඩ ප‍්‍රදේශයේදී නිවසකට පස් කන්දක් කඩා වැටී 52 හැවිරිදි පුද්ගලයෙකු ජීවිකත්ෂයට පත් වූ බව පොලීසිය සඳහන් කළේ ය.
මේ අතර, පස් කඳු කඩා වැටීම හා ගල් පෙරළීම හේතුවෙන් බදුල්ල සිට පස්සර, කන්දේගෙදර, මහියංගණය, වැලිමඩ හා බණ්ඩාරවෙල දක්වා වන මාර්ග අවහිර වී තිබේ.
යටවත්ත සහ දීනිල්ල ප‍්‍රදේශවල පස් කඳු කඩා වැටීමෙන් මාතලේ - කුරුණෑගල ප‍්‍රධාන මාර්ගය අවහිර වි ඇති බව වාර්තාවේ.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

විදුලි උපකරණ රෙපයාර් කර අලූත් ඒවා ලෙස විකුණන ජාවාරමක්

පාප් වහන්සේගේ ලංකාවේ සංචාරය ජනවාරි 12-15 ස්ථිරයි