මං ඡන්දෙ ඉල්ලන දවස හෘද සාක්ෂිය කියාවි -සන්නස්ගල

ඔබට යෝජනා වුණ චිත‍්‍රපට සංස්ථා සභාපති ධූරය ඔබ බාර නොගත්තේ ඇයි?

මම ඒක ගත්ත නම් මට අරගල කරන්න බැරිවෙනවා. මම කැමැතියි පදවි නොගෙන අරගල කරන්න.

ඒ යෝජනාව කොහොමද ඔබට ලැබුණේ?

මට ලැබුණෙ නෑ කාගෙන්වත්. ඒක මාධ්‍ය වාර්තා කළා. වෙබ් සයිට්වල වාර්තා කරලා තිබුණා. ඒක විතරක් නොවෙයි විවිධ තනතුරු යෝජනා කරලා
තිබුණා. නමුත් මම එකක්වත් බාරගන්න කැමැති නැත්තේ සැබෑ අරගලකරුවෙක් කියන්නේ මහ පොළොවේ ඉන්න අරගලකරුවෙක්. ඔහු ගනුදෙනු කාරයෙක් නොවෙයි.

ඔබට සභාපතිකම කරන්න බැරිකමක් නෑනේ?

මට සභාපතිකම නොවෙයි ඊට වඩා ලොකු දේවල් කරන්නත් පුළුවන් මිනිහෙක්. මම ඒක මේ රටේ ඔප්පු කරලා තියනවා පසුගිය කාලේ. මම බොහෝ දේවල් කරලා තියනව මේ රටේ. තනියම. ඒ නිසා, බලයත් එක්ක කරන්න පුළුවන් දේවල් බොහෝ තියනවා. කරන්න බෑ කියල කවුරු හරි කියනව නම් ඒක මෝඩකමක්. කරන්න පුළුවන්.

තනතුරු බාර ගන්නේ නැතුව වෙනම දේශපාලන චරිතයක් ලෙස මතුවීමේ බලාපොරොත්තුව ඔබට තියනවද?

දේශපාලන චරිතයක් තමයි මම. මම ලිව්ව කිව්ව දේවල පවා තියෙන්නේ දේශපාලනය. මම සමහර තැන්වල කියල තියනවා මොන පාටින් ආවත්, ආගම්වාදයට සහ ජාතිවාදයට මම විරුද්ධයි කියලා. ඒවා දේශපාලනිකයි. දැන් කවදා හරි දවසක ආපසු හැරී බැලූවහොත් එහෙම මා ලියලා කියල තිබෙන දේවල් පවා දේශපාලනිකයි. මම කරලා තියෙන සියලූ පුවත්පත් සාකච්ඡාවල යට දේශපාලන අර්ථයක් තියනවා. ඒ නිසා දේශපාලනය කරන එක මට අමුතු දෙයක් නොවේ. මේ කරමින් ඉන්නෙත් දේශපාලනය. ඉස්සරහට කරන්නෙත් දේශපාලනය. මා කළ කලා කෘතිවල පවා තිබුණ දේශපාලනය. මම හඳගමත් සමඟ කළිඅක්ෂරය’ චිත‍්‍රපටයත් විමුක්ති ජයසුන්දරත් සමඟ කළිසුළඟ එනු පිණිස’ චිත‍්‍රපටයත් යන චිත‍්‍රපට දෙකම අයිති වෙන්නේ දේශපාලන චිත‍්‍රපටවලට. ඒවා වාණිජ චිත‍්‍රපට නොවෙයි.

ඔබට මහ මැතිවරණයට ඉදිරිපත් වීමේ බලාපොරොත්තුවක් තිබෙනවාද?

නෑ. දැන් බලාපොරොත්තු කියන ඒවා මෙහෙමනේ. මට එක වෙලාවක කියනවා සබරගමු පළාතේ මහ ඇමැති අපේක්ෂකයා වෙන්න කියලා. මම ඒ වෙලාවේ කියනවාිමම බාරගන්නෙත් නෑ. ප‍්‍රතික්ෂේප කරන්නෙත් නෑ කියලා. ඒක මට භාෂාවේ හැටිනේ. එතකොට මට කිව්වම මහරගම ආසනය බාරගන්න කියලා මම ඒක ගන්නෙ නෑ. මට ගම්පහින් ඡන්ද ඉල්ලන්න කිව්වම ඒකත් මම බාරගත්තෙ නෑ. මට හපුතලේ ගන්න කිව්වම ඒක ගත්තෙත් නෑ. ඉතිහාසයේ මම එහෙම තීරණ අරගෙන නෑ. මම දේශපාලන තීරණ ගන්නේ පත්තර කාරයෝ අහන දේට උත්තර දීලා නොවෙයි. මම දේශපාලන තීරණ ගන්නේ මගේ හෘද සාක්ෂියට.

සාකච්ඡා සටහන - හේමාලි විජේරත්න


Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්