මගෙ හාමිනේට අසනීපයි උන්දැ රෝහලේ - විමල්

තම බිරියට අසනීප බවත් ඇය දැන් සිටින්නේ රෝහල් ගතවී බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ ඔහුගේ වෙබ් අඩවියට ප‍්‍රකාශයක් ලබා දෙමින් කියා සිටිනවා.
ඔහුගේ බිරිය පළාගොස් ඇති බවටත් විශේෂ කණ්ඩායම් 6 ක් යොදවා කූඨ ලේඛන නඩුවට ඇයව සොයන බවටත්
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක වරයා මාධ්‍ය වෙත දැනුම් දුන් පසු අද මාධ්‍ය ගණනාවක එම පුවත පළවූ අතර එයට පොලිසිය වෙත ප‍්‍රකාශයක් ලබාදෙනු වෙනුවට සිය වෙබ් අඩවිය ඔස්සේ බිරිය රෝහලේ සිටින බව විමල් කියනවා.
‘නුගේගොඩ රැලිය අවසන් වෙලා මම නිවස වෙත යනවිට බත්තරමුල්ලේ
අපේ නිවස හා කාර්යාලය වෙත පොලිසියෙන් ඇවිල්ලා තිබුනා. ඒ ගොල්ලෝ දැනුම් දීලා තිබුනා 19 වෙනිදා 11 ට මගේ බිරිඳට රහස් පොලිසියට එන්න කියලා. ඒවනවිට අසනීප තත්වයෙන් හිටපු නිසා අපි වෛද්‍ය වාර්තාවක් නීතිඥයෙකු මාර්ගයෙන් යොමුකරා. ඒ අය පිලිගත්තා. ඒ අනුව ඉදිරි දිනයක ඇවිල්ලා කට උත්තරයක් දෙන ලෙස  පැවසුවා.
ඇත්ත වශයෙන්ම ඒ රෝගී තත්වය උත්සන්න වීම නිසා මගේ බිරිඳ ඉන්නේ රෝහල් ගතවෙලා.  ඒ බව අපි රහස් පොලිසියට දැනුම් දුන්නා. ඒ වගේම ඔවුන්ට අපි දැන්වුවා අවශ්‍යනම් , හදිස්සි නම්  රෝහලට ඇවිල්ලා ඒ ප‍්‍රකාශය ගන්න කියලා. ඒක ඉතින් ඔවුන් කැමතිනම් කළ යුතුව තිබෙන දෙයක්. අපි ඒවගේම කියලා තියෙනවා එහෙම බැරිනම් සුව අතට පත්වුණාම ඒ කට උත්තරය දෙන්නම් කියලා.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්