සිඅයිඞී ගිය විමල් හාමිනේ බලන්න දරුවන් සමග රෝහලට එන අතර රජයට දෙහි කපයි (වීඩියෝ)

ඊයේ රාත‍්‍රී පොලිස් අත්අඩංගුවට පත් විමල් වීරවංශගේ බිරිය තවම මාලඹේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේ නේවාසිකව පොලිස් ආරක්ෂාව මැද සිටින අතර
ඇයගෙන් ප‍්‍රකාශයක් ගන්නට බැරිව පොලිසිය උසාවි යමින් අවසර ලබාගන්නට වෑයම් කරනවා.
මේ අතර කඩුවෙල බුද්ධදාස 2011 වසරේ සිදු කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කට උත්තර දෙන්නට විමල් වීරවංශ අද උදේ සීඅයිඞීයට ගොස් පසුව නිවසේ දරුවන්ද කැටුව
මාලඹේ පිහිටි රෝහලට ආවේ බිරියගේ සුවදුක් බලන්නටය.

එම අවස්ථාවේ මාධ්‍ය අමතමින් ඔහු රජය විවේචනය කරමින් කියා සිටියේ මේ රජය කළු කොටින්ට තැනක් දී ඇති බවත් යුද්ධය කළ මහින්දට කැපවී උදව් කළ තමා වැනි අයගේ දරු පවුල් වලට සිරබත් කරන්නට සිදුවී ඇති බවත්ය.
ඔහු මෙම කාරණාව සම්බන්ධයෙන්ද ‘යුද්ධය’ පෙන්වා ජනතා අවධානය ගන්නට උත්සාහ කරන්නට තර්කයක් ගොඩ නගා ඇත.

ඒ කෙසේ වෙතත් විම්ල් වීරවංශ  මින් දින 5 කට පෙර නුගේගොඩදී ප‍්‍රසිද්ධියේ කියා සිටියේ තමාගේ බිරිය අරන් යනතුරු තමා බලා සිටින බවත් ඇයව දෙන්න කැමැත්තෙන් සිටිනා බවත්ය.

විමල් දරුවන් සමග රෝහලට පැමිණි හැටි පහතින්

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්