පිලියන්දල දැරියගේ සිද්ධිය - ගුරා රිමාන්ඞ් - විදුහල්පතිනි මාරු

ඊයේ පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි ප‍්‍රාථමික විදුහලේ පරිගණක ගුරුවරයකු වන එස් දිසානායක (50) එම විදුහලේ 3 පන්තියේ ඉගෙනුම ලබන 8 හැවිරිදි සිසුවියකගේ හිරිඔතප් බිඳීමට
තැත් කිරීමේ සිද්ධිය නිසා කලබලයක් හටගත්තා.

ඒ සම්බන්ධව පොලිස් පරීක්ෂණ ක‍්‍රියාත්මක වීමෙන් පසු එස් දිසානායක (50) නමැති අවිවාහක ගුරුවරයා පොලිස් අත්අඩංගුවට පත්වූ අතර අද ඔහු කැස්බෑව මහේස්ත‍්‍රාත් රංජිත් සෝමසිංහ මහතා වෙත ඉදිරිපත් කරන ලදුව ලබන 11 වැනි දා තෙක් රිමාන්ඞ් කරනු ලැබුවා.
08 හැවිරිදි දැරියගේ හිරි ඔතප් බිඳින ලදැයි කියන සිද්ධිය සුළු දෙයක් ලෙස සලකා ඒ ගැන ක‍්‍රියා නොකර ගුරුවරයා ආරක්ෂා කරන්නට එම විදුහලේ විදුහල්පතිනිය ක‍්‍රියා කර තිබුනේ මාපිය ඉල්ලීම් වලටද ඇහුම් කන් නොදී වන අතර එම විදුහල්පතිනියද කැස්බෑව කලාප කාර්යාලයට මාරු කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි හෙළි කරනවා.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

මනමාල රන්බිර් මනමාලි කත‍්‍රිනාගේ මෑණියන් ලන්ඩනයේදී හමුවෙලා

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට