2014 ලෝක රූ රැජිණ වෛද්‍ය ශිෂ්‍යා රොලේන් ලංකාවේ
පසුගිය 2014 වසරේ ලෝක රූ රැජිණ ලෙස කිරුළු පළන් දකුණු අප‍්‍රිකානු සුරූපිනිය රොලේන් ස්ට‍්‍රාස් මේ දිනවල ලංකාවේ සංචාරයක නිරතවී සිටිනවා. වෛද්‍ය ශිෂ්‍යාවක වන ඇය බ්ලූම්ෆොටීන් නිදහස් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ තවමත් අධ්‍යාපනය හදාරමින් සිටින අතර පසුගිය වසරේලෝක රූ රැජිණිය බවට පත්වුණා.
රොටරි සමාජය හා සංචාරක මණ්ඩලය සංවිධානය කරන ලද මිලියනයක් රුක් රෝපණය කිරීමේ වැඩසටහනකටද ඇය ඇගේ තෙදින ශ‍්‍රී ලංකා සංචාරයේදී දායක වුණා.
මේ සමග පළවන්නේ කොළඹ තුරඟ තරග පිටියේ පැවති එම උත්සව අවස්ථාවේ ඡායාරූප කිහිපයකි. එම අවස්ථාවට සංචාරක ඇමති නවීන් දිසානායකත් එක්වුණා.













