මහින්ද අද උදේ කතරගමදී රන් ත‍්‍රිෂූලයක් තබා භාරවෙයි දේශපාලනයට එන්න ලෑස්තිලූ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද උදේ 8.12ට යෙදුණු සුබ නැකතකින් කතරගම මහා දේවාලයට ගොස් දේශපාලනයට එන්නට සූදානමකින් භාරයක්වී ඇති බව වාර්තා වනවා.
රනින් නිම කළ අඟල් හයක් උසැති ත‍්‍රිශූලයක රිදී පඬුරක් ගැට ගසා
ඔහු මෙම භාරය සිදු කර ඇත.

මේ පිළිබඳ තතුදත් උදවිය පවසන්නේ ජනප‍්‍රවාදයේ සඳහන් ආකාරයට දුටුගැමුණු රජතුමා යුද බිමට යෑමට පෙර මෙවැනි භාරයක් කළ බවයි.

හිටපු ජනපති යළි දේශපාලන පිවිසීමේ අදහසින් මෙය සිදු කළබවට ඔහුට සමීප ආරංචි හෙළි කර තිබෙනවා.
මහින්ද කතරගමට ගොස් ඇත්තේ ඊයේ වන අතර අසූ හාර දහසේ පහන් පින්කමකට හා කිරිවෙහෙරේ සර්ව රාත‍්‍රික පරිත‍්‍රාණ ධර්ම දේශනයකට සහභාගී වී ඇත.
ශිරන්ති, නාමල්, යෝෂිත, ශෂීන්ද්‍ර, උදය ගම්මන්පිල හා ගාමිණී ලොකුගේද මෙම අවස්ථාවන්ට එක්වී ඇත.
හිටපු ජනපති රාත‍්‍රිය ගත කර ඇත්තේ කිරිවෙහෙර විශ‍්‍රාම ශාලාවේ බවද වාර්තා වුණා.
අද (23) පෙරවරුවේ මෙම භාරය සිදු කිරීමෙන් පසු ඔහු කතරගමින් පිටත්වූ බවද වාර්තා වුණා.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්