ශ‍්‍රීලනිප බාධා නිසා මහමැතිවරණය තව අවුරුද්දක් කල් යන ලකුණු

පසුගියදා කොළඹ ඩාලි පාරේ  ශ‍්‍රීලනිප ප‍්‍රධානීන්ගේ සාකච්ඡාව අනුව දින 100 වැඩසටහන අවුලකට යාමේ පෙරනිමිතිත් මහ මැතිවරණය කල් යන ලකුනුත් පෙන්නුම් කළා.

මහ මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් සාකච්ඡාවේදී රනිල් කළ කතාවක් ගැන තර්ක මතුවී ඇත. ජනාධිපතිවරණයට පෙර රනිල් ප‍්‍රසිද්ධියේම අලූත් ආණ්ඩුව පිහිටුවීමෙන් පසු දින 100ක් ඇතුළත අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන සිදුකොට අපේ‍්‍රල් මාසයේදී මහ මැතිවරණයකට යෑමට කටයුතු සූදානම් කොට
ඇති බව කියා ඇති නමුත් කේවල ආසන ක‍්‍රමය නැවත හදිසියේ ස්ථාපිත කරන්නට බැරි බවට පවතින මත ගැන විවේචන පළවිය.
එසේම එම ව්‍යවස්ථා සංශෝධනයේදී විධායක ජනාධිපති බලතල අගමැතිට පවරා යූ.එන්.පී.යට වාසි සහගත ලෙස වෙනස් කිරීමටද ඔවුන් විරෝධය පළ කර ඇත.
මේ සියල්ල දැඩි සාකච්ඡාවට හා විවේචනයට ලක්විය හැකි තීරණ නිසා කාලවේලාව බාධාවක් වන්නේ නම් 2016 අපේ‍්‍රල් වන තෙක් මෙම පාර්ලිමේන්තුව රැගෙන ගොස් වුවත් නිසි තීරණ ගතයුතු බවද සාකච්ඡාවේදී තීරණයවී ඇත.
එම කාලයද රැගෙන මෙම ව්‍යවස්ථා සංශෝධන සියල්ල කාටත් සාධාරණ ලෙස සිදුකර ගැනීමට හැකි බව පෙන්වාදී ඇත.
ඒ අනුව ශ‍්‍රී ල.නි.ප.ය මේ වන විට තීන්දු කර ඇත්තේ පරණ කේවල ආසන ක‍්‍රමය යටතේ ඡන්ද ක‍්‍රමයකට යෑමටත්, විධායක ජනාධිපති බලතල යූ.එන්.පී.යට වාසි සහගත ලෙස වෙනස් කිරීමට එරෙහි වීමටත්ය.
පාර්ලිමේන්තුවේ වැඩි බලය ශ‍්‍රීලනිපය සතු නිසා ඔවුන්ගේ තීරණ මත ඉදිරි වෙනස්කම් සකස්වීමට ඉඩ ඇත.
මෙම රැස්වීමෙන් ඇතිවූ තීරණ නිසාදෝ අගමැති රනිල් අපි එහෙනම් දින 100 අතෑරලා මහමැතිවරණයකට යනවා යනුවෙන් පසුව පැවති රැස්වීමකදී ප‍්‍රකාශ කර ඇත.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්