ඊයේ ඔත්පලව වැතිරී ඇම්බියුලන්ස් නැග්ගවූ ශෂී අද බන්ධනාගාරයට හොඳින් ඇවිද එයි අසනීපෙ කණේ අමාරුවක්ලූ යළි 4 දක්වා රිමාන්ඞ්
අවිධිමත් ගමන් බලපත‍්‍ර ගැටලූවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ඇමැති විමල් වීරවංශ මහතාගේ බිරිඳ ශෂී වීරවංශ ඊයේ අධිකරණ නියෝග මත පුද්ගලික රෝහලෙන් බන්ධනාගාර රෝහලට රැගෙන ගියේ ඔත්පල ස්වරූපයකින් ඇඳක වැතිරී ඇම්බියුලන්ස් රථයක නංවාගෙනය.
ඇය රැගෙන යන අවස්ථාවේ විමල්ට සම්බන්ධ යයි සැකකළ හැකි කාන්තාවන් පිරිසක් රථය අසළ සිට ‘මේ මොන අපරාධයක්ද දෙයියනේ..’ කියමින් විලාප නගනුද මාධ්‍ය වාර්තා කළා.
එසේ ගිය ඇය එක් රැයකින් අසනීප සුවවීමේ හාස්කමකට ලක්ව ඇති අතර
අද බන්ධනාගාර බස් රථයෙන් ඇය පැමිණියේ කිසිම අසනීප තත්වයක් පෙන්නුම් නොකරයි.
අද අවස්ථා දෙකකදී මෙම නඩුව විභාග වුණ අතර පළමු අවස්ථාවේ ඇයගේ බැංකු ගිණුම් 19 ක තොරතුරු පරීක්ෂා කිරීමට පොලිසියට අධිකරණ අවසරය ලැබී තිබුණා. දෙවන
අවස්ථාවේදී ඇයව තවදුරටත් ලබන 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන්නට විනිසුරු නියම කළා.
විමල්ගේ බිරියට අසනීප තත්වයක් ඇත්තටම වැළඳී තිබේද නැත්නම් ඇය කරන්නේ රඟපෑමක්ද යන්න ගැන ඊයේ දිනයේද අධිකරණයේ සැකය එල්ලවී තිබුණ අතර ඒ ගැන කරුණු වාර්තා කර තිබුණ අධිකරණ වෛද්‍ය නිලධාරියා ඇයට කිසිම අසනීපයක් නැති බව වාර්තා කර තිබීම එයට හේතුවයි.
මේ හේතුවෙන් ඇයගේ අසනීපය කුමක්ද යන්න ගැන අධිකරණයේ පුළුල් සංවාදයක් ඇතිව තිබුණා. දිගින් දිගටම ප‍්‍රශ්න කිරීමේදී ඇගේ නීතීඥයින් කියා සිටියේ ඇයට වැළඳී ඇත්තේ කනේ අමාරුවක් බවයි.
ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා-
සැකකාරියට වැළඳී ඇති රෝගය මොකක්ද? අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වාර්තා කරලා තියෙනවා ඇයට අසනීපයක් නෑ කියලා. පෞද්ගලික රෝහලින් අරන් යන්න බැරිකමක් තියෙනවාද?
බන්ධනාගාර නිලධාරීන්-
පෞද්ගලික රෝහල් වෛද්‍යවරයෙක් ඇය එම්. ආර්. අයි. ස්කෑන් පරීක්ෂණයක් කරන්න තියෙනවා කියලා කියනවා. ස්වාමිනී. එය ජාතික රෝහල මගින්ද කළ හැකියි.
නීතිඥ විෙඡ්සිරි අඹවත්ත - ඇය පරීක්ෂා කළ මහෙස්ත‍්‍රාත්වරයා නොකඩවා වෛද්‍ය ප‍්‍රතිකාර
ලබා දෙන ලෙසට නියෝග කර තිබෙනවා. සැකකාරිය එම පෞද්ගලික රෝහලේම ප‍්‍රතිකාර ලබා ගැනීමට ඉඩ දෙන්න
ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා-
බන්ධනාගාර නීතිය අනුව පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර බෑ කියනවානේ. අධිකරණ වෛද්‍යවරයාත් සැකකාරියට අසනීපයක් නැති බව වාර්තා කර තියෙනවා. ඔහුටත් අසුනොවන රෝගය කුමක්ද? ඕනම රෝගයකට බන්ධනාගාර රෝහලෙන් ප‍්‍රතිකාර ගන්න පුළුවන්.
නීතිඥ විෙඡ්සිරි අඹවත්ත - ප‍්‍රතිකාර ලබා දෙන ලෙසට නියෝග කරන්න ස්වාමිනී.
මහෙස්ත‍්‍රාත්වරයා- ප‍්‍රතිකාර දෙන්න පුළුවන්. රෝගය කුමක්ද කියා දැන ගත යුතුයි. කියන්න බැරි අමාරුවක්ද?
නීතිඥ විෙඡ්සිරි අඹවත්ත -
සැකකාරියට කනේ අමාරුවක් තියෙනවා ස්වාමිනි. විටින් විට ක්ලාන්ත ගතියක් ද මතු වෙනවා.
මහෙස්ත‍්‍රාත්වරයා-
මට තේරෙන්නේ නෑ අධිකරණ වෛද්‍යවරයාටත් අල්ල ගන්න බැරි රෝගය මොකක්ද කියලා. අසනීප තත්ත්වය ගැන වෛද්‍ය උපදෙස් ලබාදීමක් නැද්ද? ජාතික රෝහල වුණත් බාර ගන්නේ රෝගයක් තියෙනවා නම් පමණයි.
අවසානයේදී ඇයව බන්ධනාගාර රෝහලට මාරු කර යවන්නට ඊයේ නියම වුනේ එලෙසිනි.
අද ඇය සුවෙන් පැමිණ සිටියේ පහත වීඩියෝවෙ පරිදිය.