තාත්තගෙ නේවි සික්කා ලෙස යෝෂිතට ගෙදර ඉඳන් ජොබ් කරන්න වරම්

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් නාවික හමුදා ලූතිනන් යෝෂිත රාජපක්ෂ
පසුගියදා ආරක්ෂක අමාත්‍යංශයෙන් කර තිබුණ ඉල්ලීම ඉටු වෙමින් ඔහු මහින්ද රාජපක්ෂගේ නාවික හමුදා ආරක්ෂකයකු ලෙස අනුයුක්ත කර ඇත.

ඒ අනුව ඔහුට ගෙදර සිටම රැකියා කිරීමේ වරම හිමිව ඇත. යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවට බැඳුණු ආකාරය හා උසස්වීම් ලැබුණු ආකාරය
සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ආරක්ෂක ලේකම්ට පැමිණිලි කළ පසු ඒ ගැන දැනට විමර්ශනයක්ද සිදු කෙරේ.
මින් ඉහත යෝෂිත නාවික හමුදාවෙන් ඉවත්වීමට උත්සාහ කළ නමුත් එයට අවසර ලැබී තිබුනේ නැත.
නව තනතුර නිසා ඔහු බෙහෙවින් සතුටට පත්වනු ඇත.
යෝෂිත රාජපක්ෂට අයත් සීඑස්එන් රූපවාහිනී නාලිකාවට වත්මන් රජය අධික බදුබර පැනවීම නිසා එය අද හෙටම වසා දමන්නට යන බවටද ආරංචි පැතිර පවතී.

Popular posts from this blog

ගෝඨාගෙ උද්ඝෝෂණයට බන්දුල පද්මකුමාරත් ඇවිත්

බදුල්ලේ නායයාම්වලින් 7 දෙනෙක් මරුට

මම විධායක ජනාධිපතිකම දින 100 කින් අහෝසි කරනවා - මෛත‍්‍රිපාල