හනිමූන් ආ විදේශිකයා සෙල්ෆි ගන්න ගිහින් ලෝකාන්තයෙන් ප‍්‍රපාතයට වැටුණු පසු බේරාගත් මෙහෙයුම

ඊයේ උදෑසන නුවර එළිය ලෝකාන්තයෙන් චීන ජාතිකයෙකු වැටුණ බවත් ඔහු බේරාගන්නට මෙහෙයුමක් දියත්වූ බවත් වාර්තා වුණා. නමුත් ඇත්තටම මෙලෙස ලෝකාන්තයෙන් වැටී තිබුනේ නෙදර්ලන්ත ජාතිකයෙකි. ඔහු තිස්පස් හැවිරිදි මතිලන්ය. මතිලන් විවාහවී තවමත් දින 10 කි.

තිස්එක් හැවිරිදි නෙදර්ලන්ත ජාතික ඔහුගේ බිරිය සමග මධු සමය ගත කරන්නට ඔවුන් තෝරාගෙන තිබෙන්නේ ශ‍්‍රී ලංකාවයි.
පසුගිය 14 වෙනිදා දිවයිනට පැමිණි ඔවුන් හෝටලයක නතරවී ඊයේ උදෑසන 4.30 ට පමණ ලෝකාන්තය නරඹන්නට හොර්ටන් තැන්නට ගොස් තිබුණා. ඔවුන්ගේ සහායට සංචාරක මග පෙන්වන්නෙකුද ගමන් කළා. ඔවුන් ලෝකාන්තයේ සැරිසරණ අවස්ථාවේ
තවත් විදේශ ජාතික පිරිස් ගණනාවක්ද ඒ අසළ ගැවසුණා.
ලෝකාන්තය කෙළවරේ සිට විවිධ ඉරියව් වලින් ඡායාරූප ගන්නා අතර මතිලන්ට ප‍්‍රපාතය පසුබිමේ තබාගෙන සෙල්ෆී ඡායාරූපයක් ගන්නට උවමනා වුණා. එම අවස්ථාව උවමනාවටත් වඩා බෙල්ල පහත් කර පිටුපසට සිටගෙන ඡායාරූපය  ගන්නට ඔහු උත්සාහ ගන්නවාත් සමග ඔහුගේ පය ලිස්සුවා. ඔහු එකවරම පහතට රූරා වැටුණ හැටි

දැක ඔහුගේ බිරිය සහ අසළ සිටියවුන් කෑ ගැසුවා.
ගස්වැල් අතරින් ලිස්සා ගිය ඔහු බේරෙන්නට එල්ලීම සඳහා යමක් අල්ලන්නට උත්සාහ කළ අවස්ථාවේ වාසනාවට ගසක අත්තක් ඔහුගේ අතට හසුවුණා. ඒ ගස ලෝකාන්තය මුදුනේ සිට මීටර 25 ක ප‍්‍රපාතයක තිබුණා. මතිලන් ගස අල්ලාගෙන තමන් බේරාගන්නා ලෙස කෑ ගැසුවා. එම හඬ ඉහළ සිටි අයටත් ඇසුණා.

මතිලන් බේරාගන්නට යමක් කරන්නැයි ඔහුගේ බිරිය හා අසළ සිටි විදේශිකයින් ලෝකාන්තයේ ආරක්ෂක අංශ වලින් ඇවිටිලි කළා.
ප‍්‍රපාතයෙන් වැටුණ තැනැත්තා බේරාගැනීම සඳහා යුදහමුදාවේ නුවරඑළිය තුන්වෙනි සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් සහ ගුවන්හමුදා හෙලිකොප්ටර් යානයක් එම ස්ථානයට පැමිණ තිබුණා. හෙලිකොප්ටර් යානය මුලින් මතිලන් සිටි තැනට යාමට උත්සාහ කළත් එය ප‍්‍රපාතයේ හෙලිකොප්ටරයක් ළං කරන්නට අමාරු දුෂ්කර ස්ථානයක් බව පෙනී ගියා.

අනතුරුව මෙහෙයුම සඳහා යුද හමුදාව ක‍්‍රියාත්මක වුණා. කෝප‍්‍රල් සුදේශ් ලලින්ද කඹයක ආධාරයෙන් ප‍්‍රපාතයට බැස මතිලන් බේරාගන්නට ගියේ අනතුරුවයි. ඔහු ගසේ අත්ත දක්වාම කඹයෙන් පහතට බැස්ස අතර පසුව මතිලන්ව එහි ආධාරක වලින් ගැට ගසාගෙන

ඔහුව ආරක්ෂා කරගෙන ඉහළින් කඹය අදිද්දි එය දිගේ උඩට ගෙන ආවා.

උදෑසන 9 ට පමණ මෙම ලිස්සායාමේ සිද්ධිය සිද්ධවූ අතර ඔහු බේරාගැනීමේ මෙහෙයුම පැය තුනහමාරක් තිස්සේ සිද්ධවූ මුළු කාලය පුරාම මතිලන්ට දිගටම ගසේ එල්ලී සිටීමට සිදුවුණා.

උඩට ගත් මතිලන් නුවරඑළිය මූලික රෝහල වෙත ඇතුළත් කරනු ලැබුවා. සුළු සීරීම් තුවාල පමණක් ඔහුට තිබුණා. ඔහුව රෝහලේදී ස්කෑන් පරීක්ෂණයකට භාජනය කර තුවාල වලට ප‍්‍රතිකාර කර තිබුණා.
අනතුරුව බේරාගත් සියලූ දෙනාට මතිලන් ස්තුති කළ අතර පසුව ඔහු රෝහලෙන් පිටව ගියා.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්