රන්ජන් අපහාස කලැයි ලන්සා පැවරූ නඩුව විභාගයට

තමන්ට විවිධ අපහාස සිදු කරන ලදැයි කියමින් වත්මන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව රුපියල් කෝටියක වන්දි මුදලක් ඉල්ලා පළාත් සභා අමාත්‍ය නිමල් ලන්සා මහතා විසින්

ගොනුකර ඇති නඩුව ඊයේ (23) මීගමුව දිසා
අධිකරණයේ දී විභාගයට ගත් අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් ජුනි 08 දා උත්තර බඟින ලෙස මීගමුව අතිරේක දිසා විනිසුරු ඒ.එම්.එන්.පී. අමරසිංහ මහතා නියම කළේය.
2014 මාර්තු මස මීගමුව ලෙයිටන් ක‍්‍රීඩාංගණයේදී 5000 ක පමණ පිරිසක් සහභාගීවූ රැස්වීමකදී රන්ජන් ලන්සාගේ නම කියමින් අපහාස කර ඇති බව පැමිණිල්ලේ දැක්වෙයි.
පළාත් සභා අමාත්‍ය නිමල් ලන්සා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ දිගින් දිගටම තම සේවාදායකයා වන නිමල් ලන්සා මහතාට විත්තිකාර පාර්ශ්වය දිගින් දිගටම විවිධ අපහාස සිදු කරන බවයි.

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිලූෂා සිල්වා මහත්මිය පැමිණිල්ල වෙනුවෙන් උත්තර බැඳීමට දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියාය. ඒ අනුව ජුනි 8 දිනට උත්තර බඟින ලෙස මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.

Popular posts from this blog

ලොව දක්ෂතම ඉංග‍්‍රීසි කථිකයාට සම්මාන දිනූ ලාංකිකයා කතාකරන හැටි (වීඩියෝ)

චන්ද්‍රිකා පහුවෙලා වැඩ කරනවා බලන් ඉන්න බැරිම තැන එයාගේ අත් ඔරලෝසුවේ කටුව මිනිත්තු 10ක් ආපස්සට කැරකුවා ඉස්සර මං නදීකාටත් ට‍්‍රයි කළා - සනත් ගුණතිලක

මිලියන 400 කට මන්දිරය වික්ක බවට සැකයක්