මුදල් එකතු කර හසුවී අනුලා,ඉසිපතන,ඞී එස්, හෝමාගම මහින්ද රාජපක්ෂ රාහුල, සවුත්ලන්ඞ් විදුහල්පතිවරු වහාම මාරු
වත්මන් රජය යටතේ පාසල් විදුහල්පතිවරුන් රැසකට අයථා මුදල් ගනුදෙනු සම්බන්ධව පරීක්ෂණ දැන් ඇරඹී තිබෙනවා. ඒ අනුව එම පරීක්ෂණවලින් වරදකරුවන් වන අයට ස්ථාන මාරු ලබාදීමට හෝ අමාත්‍යංශයේ වෙනත් අංශයකට අනුයුක්ත කිරීම සිදුවනු ඇත.
පාසල්වල අවිධිමත් ලෙස මුදල් අය කිරීම තහනම් කරමින් නිකුත් කළ චක‍්‍රලේඛය උල්ලංඝනය කරමින් මුදල් එකතු කළ පාසල් දහයක විදුහල්පතිවරු හා පන්ති භාර ගුරුවරුන් 15 දෙනකු වහාම ක‍්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීමට හා කලාප කාර්යාලවලට අනුයුක්ත කිරීමට අධ්‍යාපන
අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
ඒ අනුව මේ වන විට විමර්ශනය කරනු ලැබූ කිරිබත්ගොඩ විහාරමහාදේවි බාලිකා විද්‍යාලය, මහනුවර බදිඋද්දින් ජාතික පාසල, මාතර රාහුල විද්‍යාලය, මහනුවර නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය, ගාල්ල සවුත්ලන්ඞ් බාලිකා විද්‍යාලය, ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලය, හෝමාගම මහින්ද රාජපක්ෂ
විද්‍යාලය, කොළඹ 5 ඉසිපතන විද්‍යාලය, කොළඹ 8 ඞී.එස්. සේනානායක විද්‍යාලය, නුගේගොඩ අනුලා විද්‍යාලය යන විද්‍යාලවල විදුහල්පතිවරුන් හා පන්තිභාර ගුරුවරුන්ට ස්ථාන මාරු හා අනුයුක්ත කිරීම් කර තිබේ.
අවිධිමත් ලෙස පාසල්වලට මුදල් අය කිරීම තහනම් කරමින් පසුගිය ජනවාරි මස 29 වැනි දින අධ්‍යාපන අමාත්‍යාංශය චක‍්‍රලේඛයක් නිකුත් කළ අතර එදින සිට මේ දක්වා පැමිණිලි විශාල සංඛ්‍යාවක් ලැබි ඇතැයිද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
චක‍්‍රලේඛය උල්ලංඝනය කරමින් අවිධිමත් ලෙස මුදල් ගත් විදුහල්පතිවරුන් හා පන්ති භාර ගුරුවරුන් සම්බන්ධව මේ වනවිට විනයානුකූල පියවර ගනිමින් සිටින බවත් ඊට අදාළ මූලික විමර්ශනයන්ට යටත්ව මෙම විදුහල්පතිවරු හා පන්තිභාර ගුරුවරු සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශය මෙම පියවරගෙන ඇත.
මේ අතර පළාත් පාසල්වලට අදාළවද පැමිණිලි විශාල සංඛ්‍යාවක් ලැබි ඇති බවත් ඒවා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත යොමු කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
වාර්තාව - මංජුල ප‍්‍රදීප් වීරසූරිය